Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

අඩියක් ගසලත් හමාරයි

මත්පැන් මිල අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පිරිදි ඉහළ නංවා තිබෙනවා. අරක්කු බෝතලයකට මෙතෙක් අය කළ බදු මුදුල සියයට 20කින් ඉහළ නැංවීමෙන් මෙම මිල ඉහළ ගොස් තිබේ.

අරක්කු බෝතලයකට මෙතෙක් අය කළ රුපියල් 1050ක බද්ද රුපියල් 1256 දක්වාත්, රුපියල් 1121 බද්ද රුපියල් 1344 දක්වාත් රුපියල් 1309 ක බද්ද රුපියල් 1576 දක්වාත් ඉහළ නංවා තිබේ.

බියර් බෝතලයකට අය කළ රුපියල් 103ක බද්ද රුපියල් 124 දක්වාත් 194ක් වූ බද්ද රුපියල් 233 දක්වාත් ආදී වශයෙන් ඉහළ නංවා ඇත.

About The Author