එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ “අජමාන්” නගරයේ නව කාර්මික ජනපදයට අයත් පොදු වෙළෙඳ පොළක ගින්නක් හට ගෙන තිබේ. මෙම සිදුවීම සිදුවූයේ පසුගිය බ්‍රහස්පතින්දා සවස 6.30 ට පමණ ය.

ගිනි නිවන භටයින් හැකි ඉක්මනින් ප්‍රදේශය වෙත ළඟා වුව ද ඒ වන විටත් සැලකිය යුතු පරිමාණයකින් ජීවිත මෙන් ම දේපොළ හානි ද සිදු ව තිබිණි. පැය ගණනාවක වෙහෙසකින් පසු අජමාන් නගර සිවිල් ආරක්ෂක කණ්ඩායම් ගින්න මැඬලීමට සමත් වූහ. මේ සඳහා ඔවුන්ට ඩුබායි, ෂර්ජා හා උම් අල් කුවායින් නගරවලට අයත් සිවිල් ආරක්ෂක භටයින්ගේ සහාය ද නොඅඩු ව ලැබිණි.
මේ වන විට ගින්න සැලකිය යුතු ප්‍රමාණයකින් මැඬ පවත්වා තිබුණ ද, තවමත් තැනින් තැන සුළු ගිනි පුපුරු දක්නට ලැබෙන බව පෙනේ.

අත නොහැර කියවන තැන
මෝදිට අපහාස කළාට රාහුල් ගාන්ධිට සිරදඬුවමක්
සෞඛ්‍ය ඇමැතිට පොලිසීයෙන් වෙඩි
ජෝන්ට වැටුණු බාල්දිය