නොවැම්බර් මස 18 වනදාට යෙදී ඇති මහින්ද රාජපක්ෂ මහතාගේ 75 වන ජන්ම දිනය නිමිත්තෙන් “අසරණ වූ ජීවිතයකට පිළිසරණක් වෙමු” යන තේමාව යටතේ ලේ දන්දීමේ වැඩසටහනක් හක්මන ප්‍රාදේශීය සභා ශාලාවේ දී අද පැවැත්වුණා.
හක්මන ප්‍රාදේශීය සභාව,ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,සෞඛ්‍ය සේවා කාර්යාලය සහ පොලිසිය එකතුවෙන් සංවිධානය කරනු ලැබූ මෙම ලේ දන්දීමේ වැඩසටහන සඳහා ප්‍රදේශයේ විශාල පරිත්‍යාගශීලින් ප්‍රමාණයක් සහභාගී වූ බවයි වාර්තා වන්නේ.
එහිදී විශේෂ අනුශාසනාවක් සිදු කළ පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙනෙහි විහාරාධිපති පුජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ සඳහන් කළේ බුද්ධ දර්ශනය අනුව සිදු කරන්නා වූ සියලුම කටයුතු ඉතාමත් සාර්ථක වන බවත්, ඉන් ලැබෙන කුසල් බලයෙන් ලෞකික මෙන්ම ලෝකෝත්තර දියුණුව ඇතිවන බවයි.
අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබු අතර අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් කිත්සිරි ගංගනාත් මහතා ඇතුළු පිරිසක් මීට සහභාගී වුණා.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි