Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

අගමැති සාස්තරකරියකට දැපනේ වැටෙයි – රටම වැරදි පාරේ!!!

පකිස්තානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සාස්තරකාරියකගේ දැපනේ වැටීම හේතුවෙන් පාකිස්ථාන පරිපාලනය සහ රාජ්‍ය යාන්ත්‍රණය සහ ආගමික සංස්ථාව තුළ බරපතල ගැටළු නිර්මාණය වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

බුෂ්රා බිබී මෙම සාස්තරකාරිය මුණගැසුණු දින සිටම අගමැති ඉම්රාන් ඛාන් මහතා ඇගේ උපදෙස් පිළිපැදීම හේතුවෙන් මෙම තත්වය උද්ගත වී ඇති බව එම වාර්තා පෙන්වා දෙනවා.

පාකිස්තානයේ බොහෝ මිනිසුන්ගේ “ඇදහිල්ල සුව කරන්නිය” යැයි කියාගන්නා ඇය, සෙමෙන් පාකිස්තානයේ දේශපාලන වාතාවරණය තුළ ප්‍රධාන භූමිකාවකට අවතීර්ණ වෙමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

බුෂ්රා බිබි, ‘ගුප්ත’ කාන්තාවක් යැයි පැවසෙන අතර මුහුණු කියවීම සහ ‘ඩිජින්ස්’ (ඩිජින් යනු දේවදූතයෙකුට සමාන ඉස්ලාමයේ එක්තරා ආකාරයක ආත්මයකි) සමඟ කතා කිරීම වැනි ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බව ද වාර්තා වනවා.

මෙය ‘Black Magic ’ චාරිත්‍රයක් ලෙස හඳුන්වන අතර ප්‍රධාන ධාරාවේ ඉස්ලාමයේ මෙය තහනම් කර ඇති ආගමික චාරිත්‍රයක් වීමද විශේෂත්වයක්.

මෙම සාස්තරකාරිය පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතාගේ තුන්වන විවාහයේ බිරිදයි.

ඒ අනුව ඇය වටා ගොඩ නැගී ඇති අසීමිත බලයද යොදා ගනිමින් ඇය පාකිස්ථානයේ රාජ්‍ය පරිපාලන ව්‍යුහය ද ක්‍රමයෙන් වෙනස් කරමින් සිටින බවයි වාර්තාවන්නේ.

පසුගියදා ජර්මන් සගරාවක් Der Spiegel සමග සම්මුඛ වෙමින් ඉම්රාන් ඛාන් අගමැතිවරයා පවසා තිබුනේ තමන්ට බුෂ්රා බිබී ගෙන් තොර ජීවිතයක් පවා නොමැති බවයි.

මේ වන විට පකිස්තානු රාජ්‍ය පාලනය තුල හමුදා නිලධාරීන් පවා ඇගේ අනසකට යටත් වී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ඉම්රාන් ඛාන් පාර්ශවය මෙම චෝදනා බැහැර කරන අතර දේශපාලන විරුද්ධවාදීන් විසින් ප්‍රබන්ධ නිර්මාණය කරන බවටයි පෙරලා චෝදනා කරන්නේ.