Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

අගමැති මහින්ද නියෝජනය කරමින් පිල්ලෙයාන් සහ කරුණා අම්මාන් නැගෙනහිර වැඩට බසී

මිනීමැරුමක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින ශිවනේෂ තුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මහතා මඩකලපුව දිස්ත්‍රික් සංවර්ධන සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති කාර්යාලය විවෘත කිරීමට පසුගිය දා එක් වුණා.

ඒ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගෙන් ලබා ගත් විශේෂ අවසරයක් මතයි.

එහිදී ශිවනේෂ තුරෙයි චන්ද්‍රකාන්තන් මහතා පැවසුවේ දිගු කලක් තිස්සේ අදාල සංවර්ධන කමිටු රැස්වීම් පැවැත්වීමට නොහැකිව තිබු බවයි. ඉදිරියේදී රැස්වීම් නිසි පරිදී පැවැත්වීමට බලාපොරොත්තුවන බවද ඔහු සදහන් කළා.

ශිවනේෂතුරෙයි චන්ද්‍රකන්තන් මහතා , අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මඩකලපුව දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපති ධුරයට පත් කරනු ලැබුවේ ඉකුත් සැප්තැම්බර් 23 වන දිනයි.

අගමැතිගේ අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙස කරුණා අම්මාන් ජනතා සේවයේ

මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙස කටයුතු කරන විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් මහතාගේ කාර්යාලයක් කල්මුණේ ප්‍රදේශයේ දී පසුගියදා (11) විවෘත කෙරුණා.

එහිදී රැස්ව සිටි පිරිස ඇමතු මුරලිදරන් මහතා සදහන් කළේ තමාට පාර්ලිමේන්තු වරම් නොලැබුණද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනතාවට සේවය කිරීම සදහා තමන්ට අවස්ථාවක් ලබා දී ඇති බවයි.

අම්පාර වගේම මඩකලපුව දිස්ත්‍රික්කයෙත් අගමැතිතුමාගේ පරිපාලන සේවය ජනතවට ලබා දීම තමා වෙත පවරා ඇති බවද ඔහු වැඩි දුරටත් සදහන් කළා.

අග්‍රාමාත්‍යතුමන් සතුව ආයතන අනුවකට වඩා වැඩි ගණනක් ඇති බව පෙන්වා දුන් මුරලිදරන් මහතා ඒ සියලු ආයතන හරහා සේවා ලබාගැනීමට හැකි බවද සදහන් කළා.

කෙසේ වෙතත් මහමැතිවරණ ඡන්ද විමසීමට පෙර විනයාගමුර්ති මුරලිදරන් මහතා රජයේ හමුදාව මරා දැමීමක් ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළ අතර, එහිදී පොදු ජන පෙරමුණ සහ රජයට සම්බන්ධ සියලු පාර්ශව අවධාරණය කළේ මුරලිදරන් මහතා සහ පොදුජන පෙරමුණ අතර කිසිදු බැදීමක් හෝ ගිවිසුමක් නොමැති බවයි.

එමෙන්ම ඔහු තමන්ගේ පාර්ශව කරුවෙකු නොවන බවට ද ආණ්ඩුව පාර්ශවයෙන් අදහස් පළ වුණා.

අදාළ වීඩියෝව පහළින්..