Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

අගමැති මහින්දට සෙත්පතා – ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් තෙසැත්තෑ ඤාණ පිංකමක්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ආශිර්වාද කිරීමේ තෙසැත්තෑ ඥාණ පූජාව නාරාහේන්පිට අභයාරාම පුරාණ විහාරස්ථානයේදී ඊයේ (28) රාත්‍රියේ පැවැත් වුණා.

ඒ බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ මුලිකත්වයෙන්.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මහජන නියෝජිතයන් පිරිසක් මෙම ආශිර්වාදාත්මක වැඩසටහනට එක වුණා.

නාරාහේන්පිට අභයාරාම පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක අති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මෙහිදී තෙසැත්තෑ ඥාණ පූජාවේ නිමිත්ත පැහැදිලි කළා. 

මේ රටේ පහල වූ ජන නායකයන් අතර එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මැතිතුමා හැරුනම යන යන තැනට ජන ගඟක් ගලන්නෙ අපේ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමාටයි. එය අතිශෝක්තියක් නෙමෙයි. කාටවත් ඒක නෑ කියන්න බැහැ. එදා ඉදන් ජන හදවත්වල ජීවත්වුණ ජන නායකයෙක් තමයි මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමා. ජේ.ආර්.ජයවර්ධන මහත්මයාගේ කාලේ අභයාරාමයට බෝම්බ ගැහුවා. හැබැයි ජේ.ආර් ජයවර්ධන මැතිතුමා හයෙන් පහක බලයක් ගත්තෙත් මෙතෙන්ට ඇවිත් පළවෙනි පහන මෙතන තියලයි. එතුමා ජය ගත්තෙ මෙතනින්.හැබැයි බෝම්බ ගහපු වෙලාවේ කිසිම ජන නායකයෙක් මෙතෙන්ට ආවේ නැහැ. පොලිසිය ආවෙත් නැහැ. නමුත් එවකට මන්ත්‍රි මහින්ද රාජපක්ෂ මැතිතුමා පිජාම සරමක් ඇදගෙන එවලෙම මෙතනට ආවා. ඇවිල්ලා මොකද හාමුදුරුවනේ වුණේ කියලා ඇහුවා. ජනතාවට කරදරයක් වු අවස්ථාවල මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමා අවංක ජන නායකයෙකු ලෙස කටයුතු කළා. මේ රටේ හැම ජනතාවම ඒක දන්නවා. මිනිස්සුන්ගෙ විශ්වාසය තියෙන්නෙ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟයි. ඒ නිසා ඔබතුමා ආරක්ෂා කරගැනීම කෘතවේදී මහා සංඝරත්නය සහ ජනතාවගේ පරම යුතුකමක්” යැයි අති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මෙහිදී පැවසුවා. 

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ද එහිදී අනුශාසනාවක් සිදු කළා.