Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

අගමැතිගේ විෂය පථයේ දේවල් ජනාධිපතිගේ විෂය පථයට අරන් – ඇමති වාසු විරෝධය පළ කරයි

මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) විසුරුවා හැරීමට ජනාධිපති කාර්යාලය ගත් තීරණය සම්බන්ධයෙන් අමාත්‍ය වාසුදේව නනායකකර මහතා විසින් සිය විරෝධය පළ කරමින් සදහන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී ඇත්තේ අදාල කටයුත්ත අගමැතිවරයාගේ කටයුත්තක් මිස ජනාධිපතිවරයාගේ විෂය පථයට අයත් නොවන කටයුත්තක් නොවන බවයි.

අග්‍රාමාත්‍යවරයා වෙත පසුගිය බ්‍රහස්පතින්දා ලිපියක් යොමු කරමින් වාසුදේව නානයක්කාර මහතා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අග්‍රාමාත්‍යවරයාගේ අමාත්‍යාංශය යටතේ ඇති ආයතනයක් බැවින් ඊට ඕනෑම තීරණයක් අග්‍රාමාත්‍යවරයා විසින් ගත යුතු බව අවධාරණය කොට තිබෙනවා.

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වසා දැමීමෙන් පාරිභෝගික සේවාවන් කඩාකප්පල් විය හැකි අතර ඒ හරහා රජයට දෝෂාරෝපණ එල්ල විය හැකි බවත් ජනාධිපති කාර්යාලය විසින් යෝජනා කර ඇති පරිදි එය විසුරුවා හැරීම නවත්වන ලෙසත් ඔහු එම ලිපිය හරහා අගමැතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

පසුගිය අඟහරුවාදා ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා විසින් භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතාට ලිපියක් මගින් මහජන උපයෝගිතා කොමිෂන් සභාව වසා දැමීමට අවශ්‍ය ක්‍රියා පටිපාටීන් අනුගමනය කරන ලෙසත් එහි සේවකයන් වෙනත් ආයතන වෙත බඳවා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙසත් උපදෙස් දී තිබුණා.

“තීරුබදු සහ සම්බන්ධිත නියාමන කටයුතු රජයේ විෂය පථයට අයත් බැවින්, මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතට අදාළ යම් යම් විධිවිධාන පාරිභෝගික කටයුතු අධිකාරියේ සහ ලංකා විදුලිබල මණ්ඩල පනතට ඇතුළත් කළ හැකිය” යනුවෙන් පී බී ජයසුන්දර මහතා යොමු කළ ලිපියේ වැඩිදුරටත් සඳහන් විය.

මෙම තීරණය අග්‍රාමාත්‍යවරයා මෑතකදී සිදු කළ අයවැය කතාවට පටහැනි වන අතර එහිදී ඔහු කියා සිටියේ “ව්‍යාපෘති වේගයෙන් ක්‍රියාත්මක කිරීමට ඉඩ දීම සඳහා මහජන උපයෝගිතා කොමිෂන් පනත සහ ලංකාවේ විදුලිබල මණ්ඩල පනත සංශෝධනය කිරීමට තමා යෝජනා කළ” බවයි. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සම්පූර්ණයෙන්ම වසා දැමීමට යෝජනාවක් එහි ඇතුළත් නොවිණි. ශ්‍රී ලංකාවේ විදුලිය, ජලය සහ ඛනිජ තෙල් පාරිභෝගිකයින් වෙනුවෙන් මහජන උපයෝගිතා කොමිෂන් සභාව ආරක්ෂා කරන ලෙස වාසුදේව නානයක්කාර මහතා සිය ලිපිය හරහා අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියි.

2002 ශ්‍රී ලංකාවේ මහජන උපයෝගිතා කොමිෂන් සභා පනත මගින් පිහිටුවන ලද රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විදුලිබල කර්මාන්තයේ ආර්ථික, තාක්‍ෂණික හා ආරක්‍ෂක නියාමකයා වන අතර ඛනිජ තෙල් හා ජල සේවා කර්මාන්ත සඳහා නම් කරන ලද නියාමකයා වේ. එය පිහිටුවීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතනවල සහාය ලැබුණු අතර එය 2009 විදුලිබල පනත සම්මත කර ගැනීමට ද ඉවහල් විය.

අනෙකුත් ආයතන මෙන්ම, ආසියානු සංවර්ධන බැංකුවද දිගු කලක් තිස්සේ ස්වාධීන නියාමකයෙකුගේ අවශ්‍යතාව අවධාරණය කර ඇත. එම දෘෂ්ටි කෝණයෙන් බලන කල, මහජන උපයෝගිතා කොමිෂන් සභාව අහෝසි කිරීම බරපතල කාරණයක් බව විශ්ලේෂකයන් සඳහන් කර සිටියි. ආසියානු සංවර්ධන බැංකුවට පමණක් නොව ජපානය වැනි සමහර ද්විපාර්ශ්වික හවුල්කරුවන්ට ද ඇතුළුව ඕනෑම සංවර්ධන හවුල්කරුවකුට මේ හරහා ගැටලු ඇති වනු ඇති බව ඔවුන් පෙන්වා දෙයි.

© මුලාශ්‍රය – The Sunday Times