Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

අකිලගේ වවුචරේට තිත. පාසල් නිල ඇඳුම් රෙදි බෙදා දීම ඇරඹෙයි. සියළු රෙදි දේශීයව නිෂ්පාදනය කරලලු

පසුගිය රජය විසින් පාසල් දරුවන්ට නිල ඇදුම් ලබා දීමේ දී අනුගමනය කළ වවුචර ක්‍රමය වෙනුවට නැවත වතාවක් පාසල් නිල ඇඳුම් රෙදි බෙදා දීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ලබන වසර සදහා රෙදි බෙදා හැරීම අධ්‍යාපන අමාත්‍යාංශය මගින් මේ වන විට ආරම්භ කර ඇත.

වෙනත් වසරවල කලාප අධ්‍යාපන කාර්යාලවලට බෙදා හැරුණු රෙදි මෙවර කොට්ඨාස කාර්යාලවලටම බෙදා හැරෙන බව පවසන අමාත්‍යාංශය එය විදුහල්පතිවරුන්ට පහසුවක් යැයි ද ප්‍රකාශ කරයි. මෙම සතියේදී යාපනය දිස්ත්‍රික්කයේ බෙදා හැරීමේ කටයුතු ආරම්භ කෙරේ. හම්බන්තොට දිස්ත්‍රික්කයට බෙදා හැරීම පසුගිය සතියේ ආරම්භ කර ඇත.

දේශීය ව්‍යාපාරිකයන්ගේ රෙදි කියා චීනයෙන් බාල රෙදි

පසුගිය රජයට පෙර පැවති රජය සමයේ දී නිල ඇදුම් රෙදි ගෙන්වීමේදී දේශීය ව්‍යාපාරිකයන්ගෙන් ලබා ගන්නා බව පවසමින් චීනයෙන් අනයනය කරන ලද රෙදි පාසල් දරුවන් අතර බෙදා දුන් බවට හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා එවකට චෝදනා කරන ලදී.

කාරියවසම් අමාත්‍යවරයා පැවසුවේ මෙරට පාසල් සිසුන්ට අවශ්‍ය සමස්ථ නිල ඇදුම් රෙදි තොගය කිසි විටකත් මෙරට තුල නිෂ්පාදනය කිරීම අපහසු බවයි.

මීට අමතරව රෙදි වෙනුවට වවුචර බෙදා හැරීමත් සමග ප්‍රවාහණය, ගබඩා කිරීම, සේවක අතිකාල දීමනා, ඇසුරුම් කිරීම, මෙන්ම සිදුවූ අනවශ්‍ය නාස්ති රැසක් අවම වූ බවයි එවක ප්‍රකාශ කෙරුනේ.

එමෙන්ම රුපියල් මිලියන 2600 කට අසන්න මුදලක් ලංකාව පුරා සිසුන් අත සංසරණය වීම හේතුවෙන් සුළු හා මාධ්‍ය පරිමාණ රෙදි ව්‍යාපාරිකයන් සහ රෙදි මසන්නන් හට ද අදායම් හිමි වුණා.

ව්‍යාපාරිකයන්ගෙන් ඇමතිට අල්ලස්

අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේ වවුචර ක්‍රමය හදුන්වාදීමට යාමේදී එසේ නොකර තමන්ගෙන් රෙදි තොග ලබා ගන්න ලෙස පවසමින් රුපියල් කෝටි ගණනක අල්ලසක් තමාට ලබා දීමට නිල ඇදුම් රෙදි සැපයූ දේශීය ව්‍යාපාරිකයන් පිරිස තමාට ඉඟි කල බවයි.

මෙවර රෙදි සියල්ල දේශීයව නිෂ්පාදනය කරල ලු

කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ මෙවර පාසල් දරුවන්ට අවශ්‍ය නිල ඇදුම් රෙදි දේශීයව නිෂ්පාදනය කර ඇති බවයි.

එම නිෂ්පාදන කටයුතු අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මෙන් ම ජනාධිපති කාර්යාලයෙන් ද අධීක්ෂණයට ලක් වූ බවද කියවෙනවා.

දැනට පවතින තත්ත්වය මත එළැඹෙන වසරේ නව පාසල් වාරය ආරම්භ කරනවාත් සමග නිල ඇඳුම් රෙදි ද සිසුන්ට ලබා දීමට හැකි වනු ඇති බවට විශ්වාස කෙරෙනවා.