Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

හෝව් හෝව්.. කොරෝනා තාම සමාජගත වෙලා නෑලු – සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි

වර්තමානය වන කොවිඩ් වසංගතය සමාජගත වී ඇති දැයි මාධ්‍ය හමුවක දී නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතාගනේ කළ විමසීමක දී ඔහු කියා සිටියේ, එලෙස “සමාජගත” යන වචනය භාවිත කිරීමට සාධක නොමැති බවයි.

එසේම පවතින තත්ත්වය අනුව අශ්‍රිතයන් හෝ මූලාශ්‍ර සොයා ගැනීමට නොහැකිව සිටින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

“සමාජගත වීමයි කියන කියන වචනය පාවිච්චි කිරිමට තරමට සාධක නැහැ යම් ප්‍රතිශයත් පමණයි ආශ්‍රිතයෙක් හෝ මූලාශ්‍රයක් හොයා ගන්න බැරුව ඉන්නේ” යනුවෙන් ඔහු පැවසුවා.

මේ අතර, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසන්නේ, රෝගීන් සම්බන්ධයෙන් නිකුත්වන වාර්තා සම්බන්ධයෙන් සෑහීමට පත්විය නොහැකි බවයි.

සැලසුමකින් තොරව ක්‍රියාත්මක වීම හේතුවෙන් මේ වනවිට ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති බව ද ඔහු පෙන්වා දුන්නා.

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයට අභියෝගයක්ද සිදු කරමින් පැවසුවේ

“රෝගීන් පස්දෙනෙක්ගේ නම් කිව්වොත් ඒ ලෙඩ්ඩු පස් දෙනාට කොරෝනා බෝවුණේ කොහොමද කියලා කියන්න පුළුවන්ද කියලා මම එතුමට අභියෝගකරනවා, මේක විහිලුවක්. ලංකාවේ සිතියම ගත්තොත් හැම තැනම කොරෝනා රෝගීන් ඉන්නවා. මෙවැනි රටම ලෝකයම හිනාගස්සන මතයක් එක්ක නම් සැලසුම් සකස් කරන්නේ මේ සැලසුම්වල ප්‍රතිඵලයත් අපට හිතාගන්න පුළුවන්” යනුවෙනි.

කෙසේ වෙතත්, රටේ සෑම දෙසින්ම රෝගීන් වාර්තා වීම අනුව ගත් කළ මෙය රෝගය සමාජගත වීමක් ලෙස සැලකිය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ද පෙන්වා දෙනවා.

“මේ හැම එකකටම සම්බන්ධයකින් තොරව රොගීන් වාර්තා වෙනවා එහෙනම් ඒක සමාජගතවීමක්. එතකොට ඒගොල්ලන්ට තාමත් කියන්න පුළුවන් මේක ආවේ මෙතනින් කියලා. හැබැයි අපිටත් පේන්න තියෙන කාරණය තමයි මේ මොහොත වෙනකොට සමාජයේ රෝගීන් වාර්තා වෙනවා ඔහුට හෝ ඇයට බෝ වුණ තැන හොයාගන්න බැරිව. ඒ කියන්නේ ඒක සමාජගතවීමක්” යනුවෙන් ඔහු පැවසුවා.

About The Author