Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

හෙට අපි එන්නේ නෑ : ගුරු විදුහල්පතිවරු ආණ්ඩුවට දැනුම් දෙයි

රටේ පවතින දැඩි අර්බුදකාරී වාතාවරණය නිමා කරන ලෙස ඉල්ලා ආණ්ඩුවට බල කරමින් ගුරුවරු සහ විදුහල්පතිවරුන් හෙට දින (25) ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා කිරීමෙන් වැළකී සිටින බව අද දින නිවේදනය කළා.

ලංකා ගුරු සංගමය පවසන්නේ ගුරු වෘත්තිකයන්ට, සිසුන්ට හා මව්පියන්ට පවතින ගැටලු සැළකිල්ලට ගනිමින් එම තීරණය ගත් බවයි.

මේ පිළිබදව අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා,

“අද ගුරුවරුන්ට සේවයට වාර්තා කරන්න බැහැ. රුපියල් 500.00 තෙල් ගැහුවා නම් දැන් රුපියල් 2,000.00 ගහන්න ඕනේ. මේ තරම් බරපතල අර්බුදයක ගුරුවරු ඉන්නේ. ගුරුවරුන්ගේ බස් ගාස්තුව වැඩිවෙලා. ප්‍රවාහන ගාස්තු වැඩිවෙලා. එන්න විදිහක් නැහැ. ගුරු – විදුහල්පති සන්ධානයට අධ්‍යාපන අමාත්‍යංශයට ලිඛිතව දැනුම් දීමක් කළා. අඩුම තරමේ මේ ගුරුවරුන්ට සහනයක් ලෙස ආසන්න පාසලක සේවය කරන්න අවස්ථාව දෙන්න කියලා කිව්වා. ඒක අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා ප්‍රතික්ෂේප කළා”.

යනුවෙන් පැවසුවා.

මේ අතර ජාතික විදුහල්පති සංගමයේ ලේකම් පරාක්‍රම වීරසිංහ මහතා පවසා සිටියේ “මේකට හේතුවූ දේශපාලනමය තත්ත්වය විසදන්න කියන එක බලකරන්න තමයි අපි හෙට දිනයේ මේ විරෝධතාවය දක්වන්නේ” යනුවෙනි.

About The Author