Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

හෙට (02) සිට පැය 7 1/2 ක විදුලි කප්පාදුවක්

මහජන උපයෝගිතා කොමිසම අනුමැතිය දෙයි

පවතින ඉන්ධන අර්බුදය හමුවේ හෙට දිනයේ පැය 07 කට වැඩි කාලයක් විදුලිය කප්පාදු කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය ලබාදී තිබෙනවා.

ඒ අනුව හෙට උදෑසන 08 සිට සවස 06 දක්වා කාළය තුළ පැය 05 කාල සීමාවක් සඳහා කප්පාදුවක් සිදු කිරීමට නියමිතයි.

මීට අමතරව සවස 06 ත් රාත්‍රී 11 ත් අතර කාලය තුළ තවත් පැය දෙකහමාරක විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිතයි.

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා මේ බව තහවුරු කර තිබෙනවා.

About The Author