හැටන් බලංගොඩ ප්‍රධාන මාර්ගයට පස් සහ ගල් කඩාවැටීම හේතුවෙන් රථවාහන ගමනාගමනයට බාධා සිදුවී තිබේ. බලංගොඩ දෙතනගල රක්ෂිතයේ ජලපෝෂක ප්‍රදේශයට අද (01) අලුයම තෙක් ඇදහැලුනු අධික වර්ෂාව හේතුවෙන් හැටන් බලංගොඩ ප්‍රධාන මාර්ගයට මෙලෙස පස් කන්දක් සහ ගල් කඩාවැටී ඇත.
එම මාර්ගයේ මාරතැන්න වත්ත ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයට පස් සහ ගල් කඩාවැටී තිබේ. ඒ හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ගමනාගමනය එක් මංතීරුවකට සීමාකර ඇත.
දෙතනගල රක්ෂිතය හරහා පිහිටි හැටන් බලංගොඩ ප්‍රධාන මාර්ගයේ වර්ෂාව පවතින කාලය තුළ ප්‍රධාන මාර්ගයට පස්කඳු සහ ගස් කඩාවැටීමේ අවදානමක් ඇති බවද වාර්තා වෙයි.
නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ ඒ හේතුවෙන් මෙම මාර්ගයේ රථවාහන ධාවනය කිරීමේදී සැලකිලිමත් වන ලෙසය.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට