ජාතික ජනබලවේගයේ ආර්ථික කමිටුව සමඟ සසඳා බැලීමේදී සමගි ජනබලවේගය නියෝජනය කරන ආර්ථික කමිටුවේ සාමාජිකයින් ජාත්‍යන්තරය පාවා පිළිගන්නා වියතුන් සහ වෘත්තිකයින් බව එම පක්ෂයේ ප්‍රධාන විධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසනවා.
ආචාර්ය හර්ෂද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, කබීර් හෂීම් සමගි ජනබලවේගය පක්ෂයේ ආර්ථික කමිටුව නියෝජනය කරන බවයි අජිත් පී පෙරේරා මහතා පවසන්නේ.
මෑතකදී සමගි ජනබලවේගය සමඟ එක්වූ ආචාර්ය නාලක ගොඩහේවා මහතා මෙතෙක් එම පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන නොමැති බවද ඔහු මෙහිදී සඳහන් කර තිබෙනවා.
අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර ඇති අතර එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ සමගි ජනබලවේග ආණ්ඩුවක් යටතේ මුදල් අමාත්‍ය ධුරයට පත් කෙරෙන්නේ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා බවයි.
සමගි ජනබලවේගය සමඟ විවාද කිරීමට පැමිණෙන බව පවසන ජාතික ජනබලවේගය පක්ෂයේ විධායක සභික සුනිල් හඳුන්නෙත්ති මහතා ඇතුළු පිරිසට මෙතෙක් ආර්ථිකය සම්බන්ධ පොදු ප්‍රතිපත්තියක් නොමැති බවද අජිත් පී පෙරේරා මහතා මෙහිදී සඳහන් කර තිබෙනවා.


අත නොහැර කියවන තැන
බංග්ලාදේශයට ප්‍රබල භූ කම්පනයක්
කෝටි 400ක මත්ද්‍රව්‍ය තොගයට සජබ පළාත් පාලන අපේක්ෂකයෙක් අල්ලයි
මුහුදෙන් ඇල්ලූ යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 376කට වැඩි ප්‍රමාණයක්