ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගියදා ප්‍රකාශයට පත් කළ හදිසි නීති රෙගුලාසි යටතේ සේවක අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ ඉඩකඩක් ඇති බව ජනාධිපති නීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය මහතා පෙන්වා දෙනවා.
ඔහු සඳහන් කරන්නේ හදිසි නීති රෙගුලාසි යටතේ සේවක අයිතිවාසිකම් වෙනුවෙන් හඬනැගීමේ අයිතිය පවා අහිමි කර ඇති බවයි.
කෙසේ වුවත් කිසිදු නීතියකින් රටේ ව්‍යවස්ථාපිත මූලික අයිතිවාසිකම් අභියෝගයට ලක් කළ නොහැකි බව පෙන්වා දෙන ක්‍රිෂ්මාල් වර්ණසූරිය මහතා පැවසුවේ ජනාධිපතිවරයා විසින් හදිසි නීති රෙගුලාසි බලාත්මක කිරීම සද් භාවයෙන් යුක්තව සිදු කරන ලද්දක් දැයි හඳුනා ගැනීමට ඉදිරි දින කිහිපයේදී හැකිවනු ඇති බවයි.
ඔහු මේ අදහස් පල කලේ Mee Massoo TV සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.


අත නොහැර කියවන තැන
ආණ්ඩුවට එරෙහිව 21 වෙනිදා නුගේගොඩ වෙන්න යන දේ?
අර්බුධය ඉවර කරමින් මෙරටට හාල් තොගයක්…..
නිධන් සෙවු පිරිසක් අත්අඩංගුවට