බිම්මල් ආහාරයට ගැනීමෙන් ඇති වූ සංකූලතාවක් හේතුවෙන් තිදෙනෙකු මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ. ජුලි මාසයේ දී වික්ටෝරියානු ප්‍රාන්තයේ ලියොන්ගාතා නගරයේ දිවා ආහාරයක් සඳහා සහභාගී වීමෙන් අනතුරු ව මිය ගිය තිදෙනා රෝගාතුර වී ඇත.
ආහාර ලබා ගත් තවත් පුද්ගලයෙකු අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කර තිබුණු බව ද වාර්තා වේ.
ඒ අනුව දිවා ආහාරය සැකසූ කාන්තාව වන එරින් පැටර්සන් අද (02) අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.
49 හැවිරිදි එරින් පැටර්සන්, තමන් නිර්දෝෂී බව තරයේ කියා සිටින අතර, වික්ටෝරියා පොලීසිය පවසා ඇත්තේ, ඇගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බවත් ඇය ගේ නිවසේ සෝදිසි වරෙන්තුවක් ක්‍රියාත්මක කර ඇති බවත්ය.
දිවා ආහාරය සඳහා සිව් දෙනෙකු සහභාගි වී ඇති අතර, ඔවුන් සියලු දෙනා නෑදෑයන් බව වාර්තා වේ.
ආහාර ලබා ගැනීමෙන් පසු ඇති වූ සංකූලතා හේතුවෙන් මෙම සිව් දෙනා පසුගිය ජූලි 30 වැනිදා රෝහල්ගත කර ඇති අතර, රෝහල්ගත වී දින කිහිපයකින් 70 හැවිරිදි යුවළක් සහ 66 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇත.
තවත් පුද්ගලයෙකු මාස දෙකක ප්රතිකාරවලින් පසු සුවය ලබා තිබේ.
සුපිරි වෙළෙඳසලකින් මිල දී ගත් හතු විශේෂයක් භාවිත කරමින් ‘බීෆ් වෙලින්ටන් පයි’ එකක් පිසූ බව එරින් පැටර්සන් පවසා තිබිණි.
“මම ආදරය කළ මේ මිනිසුන්ට රිදවීමට මට කිසිම හේතුවක් නොතිබුණු බව මට නැවත කියන්නට අවශ්‍යයි” යනුවෙන් එරින් පැටර්සන් පවසා ඇති බව ද විදෙස් මාධ්‍යය වාර්තා කර ඇත.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට