“ප්‍රේක්ෂා රංග කලා මහෝත්සවය” ටවර් සහ එල්ෆින්ස්ටන් වේදිකාවේ
කොවිඩ් වසංගතය හමුවේ කඩාවැටුණු වේදිකා නාට්‍ය ක්ෂේත්රයට යළි ගොඩනැංවීමේ අරමුණ ඇතිව රංග කලා මහෝත්සවයක් සංවිධානය කිරීමට ටවර් හෝල් රඟහල පදනම කටයුතු කර තිබෙනවා.
සෞභාග්‍යයේ නාට්‍ය දැක්ම ” “ප්‍රේක්ෂා රංග කලා මහෝත්සවය” ලෙස නම් කර ඇති මෙම වේදිකා නාට්‍ය වැඩසටහන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අදහසකට අනුව විෂයභාර අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ උපදෙස් මත ටවර් හෝල් රඟහල පදනම විසින් සංවිධානය කර තිබෙනවා.
ඒ අනුව එළඹෙන 11 වෙනිදා සිට 21 වෙනිදා දක්වා පස්වරු 3.30 සහ 6.30 ලෙස දර්ශන වාර දෙක බැගින් ටවර් රඟහලේ දී සහ එල්ෆින්ස්ටන් රඟහලේ දී මෙරට වේදිකා නාට්‍ය ක්ෂේත්රයේ වැඩිම ප්‍රේක්ෂක අවධානයක් දිනා ගත් වේදිකා නාට්‍ය 20 ක් වේදිකාගත කිරීමට සැලසුම් කර තිබෙනවා.



අත නොහැර කියවන තැන
අරලියගහ මන්දිරයේ භූතයන්ට ආර්යයයාවත් බය වෙලා – ජනාධිපති මන්දිරයේ රජ කුමරෙකුගේ මිනී අළු – මහින්දගේ රාජකීය දෛවඥයා සියල්ල හෙළිකරයි
කතරගම හිඟන ලෝකයට රිංගු ජපුර කොල්ලෝ කෙල්ලෝ සෙට් එක – මහාචාර්ය මයුර සමරකෝන් හෙළිකළ සමාජ පර්යේෂණය
ආර්තවහරණය පිළිබඳ මිථ්‍යාවන් හතක් !