නවීන අංග රැසකින් සමන්විතයි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම අනුව ඉදිකරන ලද ආදාහනාගාරයක් පසුගියදා (18) විවෘත කෙරුණා.
නිසල අරණ නමින් නම් කර ඇති එය ඉදිකර ඇත්තේ වැලිගම ප්‍රාදේශීය සභාව විසින්.
මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 700ක්.
මෙම ආදාහනාගාරය අංග රැසකින් සමන්විතයි.
ළමා උද්‍යානය, අවසන් ගෞරව දැක්වීම සදහා මෘතදේහ තැන්පත් කිරීම වෙනුවෙන් නිර්මාණය කරන ලද පාලර් සංකීර්ණය, මුළුතැන් ගෙය, වැසිකිලි පහසුකම්, රථවාහන නැවතුම්පල, භෂ්මාවශේෂ තැන්පත් කිරීමේ කුටීර සංකීර්ණය මේ අතරින් කිහිපයක්.
ආදාහනාගාරය විවෘත කිරීමේ අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු මැති ඇමතිවරුන් ප්‍රාදේශීය දේශපාලන නායකයින් නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී තිබෙනවා.
සියලු දෙනාගේ අවධානය දිනාගත් නාම පුවරුව
මෙම ආදාහනාගාරය විවෘත කිරීම වෙනුවෙන් ඉදිකර තිබූ නාම පුවරුව මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්කර තිබෙනවා.
ඒ අදාළ නාම පුවරුවේ සදහන් ව ඇති නම් ලැයිස්තුව හේතුවෙන්.
ජනාධිපතිවරයාගේ අගමැතිවරයාගේ නම් ද ඇතුළුව එහි සඳහන් කර ඇති නම් සංඛ්‍යාව 50කට ආසන්නයි.
එමෙන්ම අදාළ නාම පුවරුවෙහි දක්වා ඇත්තේ “අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම සංකල්පයට අනුව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි” මෙම ආදාහනාගාරය ඉදි කර ඇති බවයි.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි