සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සිය අමත්‍යධුරයෙන් ඉල්ලා අස්වන මට්ටම දක්වා වූ දැඩි කනස්සල්ලට පත්ව සිටින බව වාර්තාවනවා.
ඒ කොරෝනා රෝගය ව්‍යාප්තිය සහ එය පාලනයට අවශ්‍ය පහසුකම් සැලසීම මෙන්ම රට අගුලු දැමීම හෝ නිරෝධායන ඇඳිරිනීතිය පැනවීම සහ එන්නත්කරණය ඈතුලු ක්‍රියාවලීන් තුළ මතුව ඇති බරපතල මත ගැටුම් කිහිපයක් හේතුවෙන්.
එන්නත්කරන ක්‍රියාවලිය තුළ බරපතළ ගැටළු සහ අක්‍රමිකතා සිදුවන බව ඇය මීට පෙර අවස්ථා ගණනකදී පෙන්වා දුන්නා.
එමෙන්ම පළමු එන්නත් මාත්‍රාව ලබා දුන් පිරිස් වෙත ලබාදීම සඳහා දෙවන මාත්‍රාවක් ඉතුරු කිරීමේ අවශ්‍යතාවයද ඇය පෙන්වා දී ඇති නමුත් මේ වන විට අදාළ එන්නත් තොගද ජනතාවට එන්නත් කිරීම හේතුවෙන් දෙවැනි මාත්‍රාව ලබා දීමට නොහැකි වී තිබෙනවා.
කොවිෂිල්ඩ් අස්ට්‍රසෙනිකා එන්නතේ මාත්‍රා ලක්ෂ 10කට ආසන්න ප්‍රමාණයක් පළමු මාත්‍රාව ලෙස මේ වන විට ජනතාවට ලබා දී ඇති අතර එහි දෙවන අදියර ලබා දීමේ කටයුතු අප්‍රේල් මස 19 වනදා වන විට ආරම්භ කිරීමට පියවර ගන්න බවද මින් පෙර ප්‍රකාශ කෙරුණා.
නමුත් එය සිදු කිරීමට නොහැකි වී ඇති අතර වාර්තාවන අන්දමට දෙවන මාත්‍රාව වෙනුවෙන් ඉතුරුව ඇත්තේ එන්නත් ලක්ෂ තුනකට ආසන්න ප්‍රමාණයක් පමණයි.
එමෙන්ම මේ වන විට ඉන්දියාවේ මතුව ඇති හදිසි තත්වය හේතුවෙන් ඉන්දියාවේ නිෂ්පාදනය කෙරෙන අදාළ එන්නත් තොග නැවත ශ්‍රී ලංකාවට ලබා ගැනීමට විශාල කාළයක් ගතවීම ද නොවැලක්විය හැකි තත්වයක් වී තිබෙනවා.
වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ පළමු මාත්‍රාව ලබාදුන් පිරිසට නියමිත කාලය තුලදී අදාළ දෙවන මාත්‍රාව ලබා දීමට නොහැකි වුව හොත් ලබා දුන් පළමු එන්නත් මාත්‍රාවෙන් ද ඵලක් නොමැති වන බවයි.
වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මෙම ගැටලුව හේතුවෙන්ද දැඩි කළ කිරීමකට පත්ව සිටින බව සඳහන්.
මීට අමතරව පසුගිය සති අන්තයේ ජනතාවට සංචරණ සීමා පැනවිය යුතු බවට සහ අදාළ අගුලු දැමීම් සහ නිරෝධනය ඇඳිරිනීතිය පැනවීම සම්බන්ධයෙන් ඇය කළ යෝජනාවක් ප්‍රතික්ෂේප වීමක් ද ඇතුළුව සිදුවීම් කිහිපයක් ඇගේ මෙම කනන්සලට හේතු වී ඇති බව සදහන්.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට