මී මැස්සන් මිය ගියොත් කෘෂි කර්මාන්තයම ඉවරයි.
රුවන්ඩා කණ්ඩායම ගැන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව දන්නෙත් නෑ.
රුවන්ඩා විසදුමේ භයානක කම ගැන පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර් ලිපියකින් ඉහලට දැනුම් දීලා.
රැගෙන ආ පලිබෝධ නාශක පිලිබඳ මෙරට පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලය දන්නෙත් නෑ.
මේ වන විට සේනා දළඹු උවදුර සමස්ත බඩ ඉරිඟු වගාවම ආක්‍රමණය කර ඇති බව කෘෂි විශේෂඥයන් පවසනවා.
මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා රජය පසුගියදා රුවන්ඩාවෙන් කෘෂි විද්‍යාඥයන් පිරිසක්ද ගෙන්වා ගැනීමට කටයුතු කර තිබුණා.
නමුත් මෙම විශේෂඥයන් පිරිස ගෙන්වීම පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යාංශය හෝ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවා තොරතුරු දැන සිට නොමැති බව මේ වන විට හෙළිවී තිබෙනවා.
පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර් ආචාර්ය ජේ.ඒ. සුමිත් මහතා සදහන් කරන්නේ මෙම කෘෂි විද්‍යාඥයන් සේනා දළඹුවා මර්දනය කිරීම සඳහා නිර්දේශ කරන ලද කෘෂි රසායනික මගින් මෙරට පරිසරයට හිතැති ජීවීන් පවා විනාශ වන බවයි.
කෙසේ වුවද, ගොවීන් පෙන්වා දෙන්නේ සේනා දළඹුවන් බඩ ඉරිඟු වගාවට සිදු කරන හානිය පාලනය කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දායකත්වය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවයි.
මෙවර මහ කන්නයේදී ගොවීන් හෙක්ටයාර් ලක්ෂයක පමණ බඩ ඉරිඟු වගා කර තිබෙනවා.
රජය විසින් ගොවීන් ඒ සඳහා උනන්දු කර ඇති අතර බඩ ඉරිඟු සඳහා වැඩි වටිනා කමක් හිමිවේය යන බලාපොරොත්තුව ඇතිවයි. මේ නිසා සිය කනකර පවා උකස් කර බොහෝදෙනා බඩඉරිඟු වගා කිරීමට කටයුතු කර තිබුණා.
ගොවීන් චෝදනා කරන්නේ දළඹුවා හානි කරන ලද ඇතැම් වගාබිම් නිරීක්ෂණයට කෘෂිකර්ම නිලධාරීන් නොපැමිණි බවයි.
රජය විසින්රු ගෙන්වවන ලද බව පැවසු රුවන්ඩා විශේෂඥ කණ්ඩායම මෙරටට පැමිණියේ පසුගිය 31 වැනිදාය.
එම කණ්ඩායමේ පළමු රාජකාරිය වූයේ අනුරාධපුර, ඇලයාපත්තුව ප්‍රදේශයේ බඩඉරිඟු වගාව පරීක්ෂාවට ලක්කිරීමයි.
අනතුරුව ඔවුන් රුවන්ඩාවේ මහා පරිමාණයෙන් පළිබෝධ හානි පැතිර ගිය අවස්ථාවේදී කටයුතු කරනු ලැබූ ආකාරය පිළිබඳව මෙරට කෘෂිකර්ම ප්‍රධානීන්ට කියා දී ඇති අතර ඔවුන් වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇත්තේ මෙරට බඩඉරිඟු වගාවේ පැතිර යන සේනා දළඹුවා මර්දනය කිරීම සඳහා සුදුසුම පිළියම ‘‘පයිරෙත්‍රම්’’ (Pyrethrin) නමැති පළිබෝධ නාශකය යෙදීම බවයි.
මෙම කෘෂි විද්‍යාඥයන් කණ්ඩායම එම පයිරෙත්‍රම් පළිබෝධ නාශකයෙන් ලීටර් දහසක් මෙරටට රැගෙන විත් ඇති බවද කෘෂිකර්ම අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කරනවා.
නමුත් පයිරෙත්‍රම් නමැති කෘෂි රසායනික මෙරට පරිසර පද්ධතියේ වෙසෙන සත්ත්ව ප්‍රජාවට දැඩි බලපෑමක් එල්ල කරන බවට පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර් ආචාර්ය ජේ.ඒ. සුමිත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිපියක් මගින් දන්වා ඇත.
1980 අංක 33 දරන පළිබෝධ නාශක පාලන පනත යටතේ අදාළ කෘෂි නාශකයේ සංයෝගය නියාමනයට ලක්කර ඇති බවත් එම කෘමි නාශකය ශ්‍රී ලංකාවේ කෘෂි ක්ෂේත්රයේ භාවිතය දැඩි ලෙස සීමා කර තිබෙනවා.
එසේ කර ඇත්තේ මී මැස්සන් , මදුරුවන් වැනි පළිබෝධකයන්ගේ ප්‍රතිරෝධී වර්ධනයට ඉවහල් වන නිසා යැයිද එම ලිපියේ සඳහන්වේ.
මෙම කෘමි නාශකය මෙරට කෘෂිකර්මාන්තයේ ස්වභාවික බීජ පරාගණයට වැදගත් මී මැස්සන් ඇතුළු ස්වභාවික සතුන්ට අතිශයින්ම විෂ සහිත බවද පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයාට යැවූ ලිපියේ වැඩිදුරටත් සදහන්.
කෙසේ නමුත්, මෙම කණ්ඩායම රැගෙන ආ පළිබෝධනාශක සම්බන්ධව පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයද දැනුවත් කර නොමැති බවද වාර්තා වනවා.
රුවන්ඩා කෘෂිකර්ම නියෝජිතයන් සඳහන් කරන ලද පයිරෙත්‍රම් නමැති කෘෂි රසායනිකය නිසා මෙරට පරිසර පද්ධතියට සේම එහි වෙසෙන ජීවීන්ට දැඩි බලපෑමක් එල්ලවීමේ අවදානම් තත්ත්වයක් පවතින බැවින් ඒ පිළිබඳවද බලධාරීන් පුළුල් අවධානයක් අනිවාර්යයෙන්ම යොමුකළ යුතුව ඇති බවයි කේෂ්ත්‍රයේ ප්‍රවීණයන් පෙන්වා දෙන්නේ.
කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව්. එම්.ඩබ්ලිව්. වීරකෝන් මහතා සදහන් කරන්නේ මෙම පයිරෙත්‍රම් නමැති පළිබෝධ නාශකය පිළිබඳව පර්යේෂණ මෙරට තවමත් ආරම්භ කර නැති බවයි. එබැවින් ඒවා නිකුත් කිරීමට හෝ බෙදා හැරීමටද තවමත් අවසර හිමි නොමැති බවද වාර්තා වනවා.
සේනා දළඹු හානිය බඩඉරිඟු වගාවට පමණක් නොව ඒ ආශ්‍රිතව ඇති මිරිස් ආදී වගාවන්ටද මේ වන විට පැතිර ගොස් තිබෙනවා.
කෙසේ වෙතත් සේනා දළඹු හානිය වැළැක්වීමේ කමිටු ප්‍රධානි අනුර විජේතුංග පවසන්නේ දළඹු වර්ග රැසක් දිවයින පුරා සිටින බැවින් මිරිස් වගාවට ව්‍යාප්තවී ඇත්තේ සේනා දළඹුවාමද වෙනත් දළඹු විශේෂයක්ද යන්න තවමත් නිශ්චිතවම කිවනොහැකි බවයි.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි