Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

සුදු වෑන් පැහැර ගැනීමක් – හමුදාවට චෝදනා

යුද හමුදා ඇදුමට සමාන ඇදුමින් සැරසී සුදු වෑන් රථයකින් පැමිණ තම සැමියාව බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් අතර මග දි අමානුෂික ලෙසින් පහර දි අතරමග දමා ගිය බවට නොරොච්චෝලේ පනිඅඩියේ පදිංචි විවාහක කාන්තාවක් විසින් අද ( 30 දා ) අළුයම පොලිසියට පැමිණිළි කර ඇති බව නොරොච්චෝලේ පොලිසිය පවසනවා.

මෙම සිද්ධියට යොදා ගත් බව කියන වෑන් රථය අනතුරකට ලක්ව පුත්තලම පිටත රවුම් පාරේ දුම්රිය මාර්ගය අසල දමා ගොස් තිබිය දි තිබිය දි සොයා ගත් අතර ඒ තුළ තිබි යුද හමුදා ඇදුම් කිහිපයක් හමුදා කැප් තොප්පියක් ද ජාතික හැදුනුම් පතක් හා රියදුරු බලපත්‍රයක්ද මුදල් පසුම්බියක්ද තිබු බවත් වාර්තවනවා.

නොරොච්චෝලේ පනිඅඩියේ පදිංචි මේරි දර්ශණී මහත්මිය විසින් පැමිණ සිදු කළ පැමිණිල්ල අනුව තම ස්වාමි පුරුෂයා සමග තම නිවසේ සිටියදී 29 දා මැදියම් රාත්‍රිෙය් දි සුදු වෑන් රථයකින් හමුදා නිල ඇදුමට සමාන ඇදුම් ඇද ගත් සිව් දෙනෙකු හා සිවිල් ඇදුමින් සැරසි සිටි පුද්ගලයෙකු පැමිණ තම ස්වාමි පුරුෂයා වන රාජා ශ්‍රී කාන්තා ( 38) යුද හමුදාවේ උසස් නිළධාරියෙකුගේ බිරිදකගේ ජංගම දුරකතනයට කෙටි පණිවුඩ යැවූ බවට චෝදනා කරමින් සුදු වෑන්රථයකින් පැහැර ගෙන ගිය බවත් පවසා තිබෙනවා.

පසුව ඉලංතඩිය මුහුදු වෙරළට රැගෙන ගොස් තම ස්වාමි පුරුෂයාට අමානුෂිකව පහර දි වෙරළෙහි දමාගොස් ඇතිබව අගේ පැමිණිල්ලේ සඳහන්.

අනතුරුව පහර කෑ පුද්ගලයා ඔහුව පුත්තලම රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙම සිද්ධියේ දි තම හිතවතුන් පිරිසක් තම සැමියා පැහැර ගෙන පලා ගිය වෑන් රථය වෙනත් රථයකින් ලුහුබැද ගිය බවත්, එසේ යන අතර සුදු වෑන් රථය පාලවිය දෙසට හැරවූ අවස්ථාවේදී කරඹ ප්‍රදේශයේ නාවික හමුදාව හා පොලිසිය ඒකාබද්ධව පවත්වා ගෙන යන පොලිස් මාර්ග බාධකයේ රාජකාරි කළ නිලධාරින් ට වෑන් රථය සම්බන්ධයෙන් පැමිණිළි කළ පසු එහි සිටි පොලිස් නිලධාරියෙකු සිය පෞද්ගලික යතුරු පැදියෙන් පලා ගිය වෑන් රථය ලුහුබැද ගොස් ඇති බවත් අදාළ කාන්තාවපවසා තිබෙනවා.

කෙසේ වෙතත් එම වෑන් රථය පුත්තලම පිටත රවුම් පාර අසල දුම්රිය මාර්ගයට ආසන්නයේ අනතුරකට ලක් වීම නිසා අත්හැර දමා ගොස් තිබි හමුවු බවත් එම රථය තුළ යුද හමුදා නිල ඇදුම් කිහිපයක් පාවහන් දෙකක් ජාතික හැදුනුම් පතක් රියදුරු බලපත්‍රයක් මුදල් පසුම්බියක්ද තිබි වෑන් රථයත් සමග නොරොච්චෝලේ පොලිසියට බාරදුන් බවත් දන්වා තිබෙනවා.

නොරොච්චෝලේ පොලිසිය මේ සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කරනවා.

© Lanka C news – හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු

About The Author