Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

සුදු වෑන් නැවත කරළියට : මාධ්‍යවේදී චමුදිතගේ නිවසට මැර ප්‍රහාරයක් : අවසන් සාකච්ඡාව ප්‍රසිද්ධ චරිත කිහිපයක් පැටලෙයි

අවි ආයුධ වලින් සන්නද්ධ කණ්ඩායමක් ප්‍රහාරයට ඇවිත් : දේපළ වලටත් හානි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු සහ නිවේදකයෙකු වන චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට අද (14) අළුයම මැර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

පිළියන්දල වෑවල ගංගාරාම පාරේ කේම්බ්‍රිජ් ටෙරස් නිවාස සංකීර්ණයේ පිහිටි එම නිවසට අද අළුයම 02 ට පමණ මෙම ප්‍රහාරය එල්ල වී තිබෙනවා.

එම නිවාස සංකීර්ණයේ ප්‍රධාන පිවිසුම අසල මුර කුටියක් ද තිබෙන අතර එම ස්ථානයට පැමිණි අදාළ මැර කණ්ඩායම ගිනි අවි පෙන්වා මුරකරු බිය ගැන් වීමෙන් අනතුරුව එම නිවාස සංකීර්ණය ඇතුළු වී අදාළ ප්‍රහාරය එල්ල කොට තිබෙනවා.

අසූචි මුට්ටි , ගල් විශාල ගල් කැබලි වලින් නිවසට ප්‍රහාර එල්ල කර ඇති අතර වෙඩි හඬකට සමාන හඬ කිහිපයක්ද ඒ සමගම ඇසුණු බවයි නිවෙසියන් පවසන්නේ.

ප්‍රහාරයෙන් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුව නොමැති නමුත් නිවසේ දේපල කිහිපයට අලාභහානි සිදුව තිබෙනවා.

පුද්ගලික රූපවාහිනි නාලිකාවක් වන හිරු TV නාලිකාවේ වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙස ද කටයුතු කරන චමුදිත සමරවික්‍රම මහතා රජයේ ක්‍රියාකලාපය මෙන්ම විපක්ෂයේ ක්‍රියාකලාපයන් ද තමන් විසින් ඉදිරිපත් කරන වැඩසටහන් තුළ දී පුද්ගලිකව විවේචනය කිරීම ද පසුගිය කාලයේ සමාජය තුළ මහත් ආන්දෝලනයට ලක්වුණා.

මීට අමතරව ඔහු පවත්වාගෙන යන Youtube යූටියුබ් නාලිකාව ඔස්සේ මෙරට දැඩි මතභේදයට තුඩුදුන් සතොස සුදුලූනු වංචාව, ගෑස් ටැංකි පුපුරායාම, නිරෝධායන නීති නොතකමින් පැවැති චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදය, දේශපාලනීකරණය වූ පොලිසිය වැනි සංවාද රැසක් සමාජය වෙත මුදාහරිනු ලැබුවා.

ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට පිලියන්දල පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

නිවසේ CCTV දර්ශන වලද අදාළ ප්‍රහාරයට මැර ප්‍රහාරයට එම පුද්ගලයින් පැමිණෙන ආකාරය පැහැදිලිව සටහන් ව තිබෙනවා.

ප්‍රහාරය එල්ල වීමට පෙර එනම් ඊයේ (13) දින රාත්‍රියේ ඔහු ප්‍රසිද්ධියට පත් කර තිබුණේ ගලගොඩඅත්තේ ඥානසාර, පාහියන්ගල ආනන්ද සාගර සහ අතුරලියේ රතන යන හිමිවරුන් මැතිවරණය සඳහා තරග වැදුණු අපේ ජන බල පක්ෂයේ නායක සමන් පෙරේරා මහතා සමඟ සිදුකළ විශේෂ සාකච්ඡාවක්.

එහිදී පාර්ශව රැසක් පිළිබඳ අන්දෝලත්මක කරුණු කිහිපයක් සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

අදාළ සාකච්ඡාව පහළින්..

About The Author