කෝප් කමිටු වාර්තාවකින් එළියට
මෙරටට ආනයනය කරනු ලබන සීනි සහ සැමන් සඳහා ප්‍රමිති ආයතනයේ ලියාපදිංචී වී අනුකූලතා සහතිකය ලබා ගැනීම අනිවාර්ය වුවද, එම කොන්දේසිය සපුරාම බිඳ දමා ඇති බව අනාවරණය වේ.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සම්බන්ධයෙන් කෝප් කමිටුවට ලබාදී ඇති වාර්තාවක තොරතුරු වලින් මේ බව අනාවරණය වේ.
දුඹුරු සීනි ආනායනය සම්බන්ධයෙන් කටයුතු කරන ආයතන 72ක් අදාළ අනුකූලතා සහතික ලබාගෙන නොතිබිණි. 2019 ජනවාරි සිට 2021 ජූනි දක්වා මොවුන් අවස්ථා 942දී සීනි ගෙන්වා තිබූ අතර එයින් පරීක්ෂාවට ලක්කර තිබුණේ අවස්ථා 40කදී පමණක් බව එම වාර්තාවේ දැක්වේ.
ටින්මාළු ආනයනය කිරීමේදී ලියාපංදිංචි නොවූ නිෂ්පාදකයන් ඇමරිකානු ඩොලර් 50,602,041 වටිනා ටින්කළ මාළු සවිස්තරාත්මක නියැඳි පරීක්ෂාවකට ලක්කර නැති බව අනාවරණය වේ.
මෙම ටින්මාළු තොගයේ වටිනාකම රුපියල් කෝටි 1200 ආසන්න ය.


අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට