Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

සීනි දියවෙයි ගෝනි මතුවෙයි – පරිප්පුවලත් අවුලක් රටින් ගෙන ඒමට රජය සැරසෙයි

වෙළඳපොල තුළ මිල පාලනය කිරීම සඳහා බව පවසමින් රජය විසින් රතු පරිප්පු සහ සුදු සීනි ආනයනය කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ සඳහා අවශ්‍ය කැබිනට් අනුමැතියද මේ වනවිට හිමිව අවසන්.

රජය පවසන ආකාරයෙන් මේ වන විට දේශීය වෙළඳපොළ තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ ඉඟියක් නිර්මාණය වෙමින් පවතිනවා.

එයට පිළියමක් ලෙසයි මෙම තීරණය ගෙන තිබෙන්නේ.

ලංකා සතොස සහ සමුපකාරයේ මැදිහත්වීමෙන් සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කර තිබෙනවා.

අදාල කැබිනට් තීරණ පහළින්..
දේශීය වෙ‍ෙළඳපොළ මිල ස්ථායීකරණය සඳහා ලංකා සතොස හා සමූපකාර ක්ෂේත්‍රයේ මැදිහත් වීම මත අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීම- කොවිඩ් – 19 වසංගත තත්ත්වය තුළ දේශීය වෙළෙඳපොළේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව පවත්වාගෙන යාමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇත. මේ වන විට දේශීය වෙළෙඳපොලේ විශේෂයෙන්ම රතු පරිප්පු සහ සුදු සීනි ඉහළ මිල ගණන්වලට අලෙවි කරන බව නිරීක්ෂණය වී ඇත. ඊට පිළියමක් වශයෙන් ඉන්දියාවෙන් සහ ඕස්ට්‍රේලියාවෙන් සීනි සහ රතු පරිප්පු සෘජුවම සමුපකාර ව්‍යාපාරය මැදිහත් වීම මත ආනයනය කර ලංකා සතොස ආයතනය සහ සමූපකාර වෙළෙඳ ජාලය හරහා අලෙවි කිරීමට හැකියාව ඇති බව පෙනී ගොස් තිබේ. ඒ අනුව, අවශ්‍ය පියවර ගැනීම සඳහා වෙළෙඳ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

About The Author