හෙට (18) සිට පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගී වීමට එකඟ වන්නේ නම් වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා සහ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තු රැස්වීම් සඳහා කැඳවීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කර තිබෙනවා.
මේ වන විට අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන ප්‍රශ්න කරන පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගි වීමට ඉල්ලීමක් කරන්නේ නම් පමණක් පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත යටතේ කථානායකවරයා විසින් ලබා දුන් නියෝගය අනුව කටයුතු කරමින් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට රැගෙන ඒමට පියවර ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා වෙත වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් ලිඛිත දැනුම් දීමක් ද කර තිබෙනවා.
එමෙන්ම මිනිමැරුම් නඩුවක වරදකරුව මරණීය දණ්ඩනය ලබා බන්ධනාගාරගතව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු රත්නපුර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතාට ද පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගිවීමට සිය එකඟතාව පළ කරන්නේ නම්, ඔහු පාර්ලිමේන්තුවට කැඳවාගෙන ඒමට කතානායකවරයාගේ නියෝගය ඇතුළත් ලිපිය ද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත යොමු කර තිබෙනවා.
පවතින කොවිඩි 19 තත්ත්වය මත මන්ත්‍රීවරුන් දෙදෙනාම පාර්ලිමේන්තුවට කැඳවා ගෙන ආ යුත්තේ දැනට රජය විසින් පනවා ඇති සෞඛ්යාරක්ෂිත උපදෙස් අනුගමනය කරමින් පමණක් බවද කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙනුවෙන් පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත යොමු කළ ලිපිවල වැඩිදුරටත් සඳහන්.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට