මේ වන විට රට තුළ ඇති කොරෝනා අවදානම හේතුවෙන් ඉදිරි සතියේ පාර්ලිමේන්තු සැසිවාරය දින දෙකකට සිමා කිරිමට පසුගියදා (30) රැස් වූ පක්ෂ නායක රැස්වීමේදී තීරණය වී තිබෙනවා.
ඒ අනුව එළඹෙන 04 සහ 05 යන දෙදින පාර්ලිමේන්තුව පැවැත්වීමට සියල්ල සුදානම් කර ඇති නමුත් විපක්ෂය චෝදනා කරන්නේ රජය ජනතා ප්‍රශ්න ගැන කතා කරනවා වෙනුවට එම කාලයද වරාය නගර පනත සම්මත කරගැනීම සඳහා යොදාගැනීමට සුදානම් වන බවයි.
රටේ පවතින කොරෝනා තත්වය සහ ඒ සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ එම දින දෙක තුළ දී සාකච්ඡා කිරීමට පසුගියදා (30) පැවති පක්ෂ නායක රැස්වීමේදී විපක්ෂය යෝජනා කර ඇති අතර ආණ්ඩුවේ ස්ථාවරය වී තිබෙන්නේ එක් දිනක් තුළ වරාය නගර පනත් කෙටුම්පත විවාදයට ගෙන සම්මත කර ගත යුතු බවයි.
රටට ඉතා තීරණාත්මක පනතක් වන බැවින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කර තිබෙන්නේ අවම වශයෙන් දින 2ක් වත් මේ පිළිබඳ විවාදය පැවැත්විය යුතු බවයි.
මේ වන විට එහි ඇති නවතම තත්වය සහ මේ සමග රටට මුහුණ දීමට සිදුවන අභියෝග පිළිබඳ සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා Mee Massoo TV වෙත විශේෂ අනාවරණයක් සිදු කළා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට