Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

සැහැල්ලු පන්දු සංගමයේ මුල් පුටුවලට ආණ්ඩුවේ ප්‍රභලයින් පිරිසක්

දිවයිනේ ක්‍රීඩා සංගම් 25ක් නියෝජනය කරමින් පැවැත්වෙන ශ්‍රී ලංකා සැහැල්ලු පන්දු ක්‍රිකට් සම්මේලනයේ 35 වැනි වාර්ෂික නිලවරණය ඊයේ (29) තලවතුගොඩ, කැෆේ 47 ස්ථානයේදී පවත්වා තිබෙනවා.

ඒ අනුව 2021/ 2023 සැහැල්ලු පන්දු ක්‍රිකට් නිලධාරී මණ්ඩලයේ සභාපති ධූරයට පත්ව ඇත්තේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධිකරණ ලේකම්වරයෙකුද වන කිත්සිරි ගංගනාත් මහතායි.

උප සභාපතිවරුන් ලෙස චන්ද්‍රපාල ලියනගේ, තිසර ගුණසිංහ, සුපුන් නිර්මාල් ජීවනන්ද, සුධර්මන් රඳලියගොඩ, ධම්මික සොලමන් යන මහත්වරුන් පත් කර තිබෙනවා.

මේ අතරින් බොහෝ දෙනෙකුද රජයට සම්බන්ධ හා එයට සම්බන්ධ ආයතනවල විධායක මට්ටමේ තනතුරු හොබවන පිරිසක් වීම විශේෂත්වයක්.

සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස ලුතිනන් කර්නල් එච්.ඩී.එල් රවීන්ද්‍ර මහතා පත් කර ඇති අතර භාණ්ඩාගාරික ලෙස පත්කර ඇත්තේ නාමල් ජයසූරිය මහතායි.

1979 වර්ෂයේ අරඹා ඇති ශ්‍රී ලංකා සැහැල්ලු පන්දු ක්‍රිකට් සම්මේලනයේ ප්‍රථම ලේකම්වරයා ලෙස රාජ්‍ය සේවකයෙකු ලෙස සේවය කළ ටියුරින් විජේසිංහ මහතා පත්ව කර තිබුණා.

1981 වර්ෂයේදී ක්‍රීඩා සංගමයක් ලෙස ලියාපදිංචි කර ඇති ශ්‍රී ලංකා සැහැල්ලු පන්දු ක්‍රිකට් සම්මේලනය ආරම්භක සමයේ සඳහන් කර තිබුණේ මෘදු පන්දු ක්‍රිකට් ලෙසයි.

කාන්තා ක්‍රිකට් ලංකාවේ ස්ථාපිත කළේ ද සැහැල්ලු පන්දු ක්‍රිකට් හරහා වීම විශේෂත්වයක්.

About The Author