Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

“සැප්තැම්බර් වන විට ලංකවේ 21 000 කට ආසන්න පිරිසක් කොරෝනාවෙන් මිය යාවි” කෙළ සිදී ඇඟ වෙව්ලන අනාවැකිය මෙන්න..

කොරෝනා රෝග ව්‍යාප්තිය සමග ලොව පුරා විවිධ විශ්වවිද්‍යාල මෙන්ම ඊට අනුබද්ධ සංවිධාන රැසක් ම සිය පරීක්ෂණ සහ සමීක්ෂණ සිදු කරන්නේ කොරෝනා ව්‍යසනයෙන් ජනතාව බේරා ගැනීම සඳහායි.

එමෙන්ම අවදානම හදුනාගනිමින් කල්තියා සුදානම් වීම සඳහායි.

එවැනි සමීක්ෂණ සිදු කරන අමෙරිකාවේ වොෂින්ටන් සරසවියට අනුබද්ධ, සෞඛ්‍ය මිනුම් හා ඇගයීම් පිළිබඳ ආයතනය (Institute for Health Metrics and Evaluation) විසින් ලෝක මට්ටමේ කොරෝනා පිළිබඳ නවතම සමීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ලොව පුරා රටවල දෛනිකව යාවත්කාලීන වන තොරතුරු සහ එම රටවල සමාජ හැසිරීම් මෙන්ම රෝහල්වල තොරතුරු පවා විශ්ලේෂණය කරමින් කොරෝනා පිළිබඳ වර්තමාන තත්වය මෙන්ම ඉදිරිකාලය සඳහා වන පරිදි පුරෝකථනයන් ද ඉදිරිපත් කර තිබෙනවා.

එම සමීක්ෂණයට අනුව ශ්‍රී ලංකාවේ තත්වය කෙබඳුද?

සමීක්ෂණයට අදාලව නිකුත් වී ඇති ප්‍රතිඵලයන්ට අනුව බරපතලම අනාවැකිය වන්නේ 2021 සැප්තැම්බර් 01 වනදා වන විට කොරෝනා හේතුවෙන් මෙරට සිදුවන මරණ සංඛ්‍යාව 21 000 කට ආසන්න වෙතැයි දක්වා තිබීමයි.

ඔවුන් එම පුරෝකථනයන් සිදු කර ඇත්තේ මේ වන විට පවත්නා තත්වයන් සහ තොරතුරු පාදක කර ගනිමින්.

රෝහල් පහසුකම් සම්බන්ධයෙන් ද මෙම සමීක්ෂණය හරහා පුරෝකථනයන් සිදු කර තිබෙනවා.

ඔවුන් සතුව ඇති තොරතුරු වලට අනුව ශ්‍රී ලංකාවේ රෝහල් වල කොරෝනා රෝගීන් සඳහා වෙන් කර ඇති දැඩි සත්කාර ඇඳන් (ICU Beds) සංඛ්‍යාව 295 ක්.

එමෙන්ම රෝහල් පද්ධතියේ ඇති ඇඳන් සංඛ්‍යාව 20 769 ක්.

ඔවුන් පුරෝකථනය කරන්නේ ජුනි මස 09 වෙනිදා වන විට, එනම් අද සිට මසක් ගතවන විට දැඩි සත්කාර ඒකක ඇඳන් 3 353 ක අවශ්‍යතාවයක් මතු විය හැකි බවයි.

මෙවැනි ආකාරයේ අනාවැකි සහ දත්ත රැසක්ම අදාල වෙබ් අඩවිය ඔස්සේ වාර්තා කර ඇති අතර ලොව පුර බොහෝ රටවල තොරතුරුද එයට ඇතුලත්.

අදාල වෙබ් අඩවියට පිවිසෙන්න..

ශ්‍රී ලංකාව ගැන තොරතුරු මෙතනින්..

© healthdata.org වෙබ් අඩවිය ඇසුරින්

About The Author