සොබාදහම සමඟවන ජීවිතයේ වටිනාකම ඉස්මතු කරන අලුත් අවුරුද්ද වැනි සංස්කෘතිකමය උත්සව අවශ්‍යයෙන්ම සමාජයටත් ලෝකයටත් ආශීර්වාදයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අලුත් අවුරුදු උදාව වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
උපුටා ගැනීම
චිරාත් කාලයක් මුළුල්ලේ පැවතගෙන එන සංස්කෘතිකමය හරය විදහා දක්වන මුදුන්මල්කඩක් ලෙස අලුත් අවුරුද්ද හඳුන්වා දිය හැකිය.
වසර දහස් ගණනක් තිස්සේ මෙරට ජනතාව ඉමහත් උත්කර්ෂවත් ලෙස මේ මහා සංස්කෘතික මංගල්‍යය සැමරූ අතර එක් අතකින් ජාතික සමගියේත් තවත් අතකින් සහජීවනය සහෝදරත්වය බෙදාහදා ගැනීම වැනි යහ සංකල්ප කුළුගන්වන උත්සවයක් ලෙසත් අලුත් අවුරුද්ද විශේෂිත වෙයි.
මානවයා සහ සොබාදහම අතර පවතින්නේ අන්‍යෝන්‍ය බැදීමක් මෙන්ම අන්‍යෝන්‍ය අරගලය කි.එම අරගලය තුළ මානවයා තාවකාලික ජයග්‍රහණයක් අත්පත් කරගෙන ඇතත් සොබාදහමට සමීපවීම මිස සොබාදහමින් දුරස් වීම මානව වංශකතාවේ පැවැත්මට හිතසුව පිණිස නොවන බව අදවනවිට වෙන කවරදාටත් වඩා තිර ලෙස සනාථ වී තිබේ.
එබැවින් සොබාදහම සමග වන ජීවිතයේ වටිනාකම ඉස්මතු කරන සිංහල අලුත් අවුරුද්ද වැනි සංස්කෘතිකමය උත්සව අවශ්‍යයෙන්ම සමාජයටත් ලෝකයටත් ආශිර්වාදයක් වෙයි . සොබාදහමේ ආශිර්වාදයෙන් තමන් උපයා සපයාගත් ධන ධාන්‍යවල අග්‍රඵලය බුදුන්,දෙවියන් වෙත පූජා කරමින්ද, ලෝකයේ පැවැත්මෙහි තීරණාත්මක මෙහෙවර ඉටු කරන සූර්යයාට කළගුණ දැක්වීමද චිරාත් කාලයක් මුළුල්ලේ ශ්‍රී ලාංකිකයන් සිදු කළ සහ සිදු කරන පුණ්‍ය ක්‍රියාවකි.
මෙවරද,සිංහල අලුත් අවුරුද්ද උදා වූයේ කොහාගේ හඬින් නොව කොරෝනාවෙන් ප්‍රවේසම් වන්න යැයි කරනු ලබන නිවේදනවල හඬිනි.සශ්‍රීකත්වයේ පාඩම කියා දෙන සුවිශේෂී උත්සවයක් වන අලුත් අවුරුද්ද මෙවර උදාවූයේ පිරිසිදු කෑම වේලක් පිස ගැනීමේ දෙගිඩියාව තුළ පවා පුරවැසියන් ව කොටු කරමිනි.
දෙවසරක් තිස්සේ ලෝකවාසී සියලු දෙනා මුව ආවරණ පැලද ජීවත් වන අතර ඊට හේතු වූ වයිරසය පරාජය කිරීමට මෙතෙක් කිසිවෙකු සමත්ව නැත.අභාග්‍යසම්පන්න කාලසමයක් තුල සකල ලෝකවාසීන්ටම අලුතින් සිතිය යුතු පාඩම සොබාදහම විසින් නිහඬවම කියාදී ඇත.
මෙවන් තත්ත්වයක් තුළ මෙවරද සිංහල හින්දු අලුත් අවුරුද්ද උදාවී ඇති අතර, මිනිස් සංහතියට යහපත,උදා කරන ශ්‍රී සුබ අලුත් අවුරුද්දක්ම වේවායි ඉතසිතින් ප්‍රාර්ථනා කරමි.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට