Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

සහන ගොඩක් එක්ක 2026 වසරේ අයවැය හෙට පාර්ලිමේන්තුවට

2026 වසර සඳහා වන වත්මන් ආණ්ඩුවේ දෙවන අයවැය ලේඛනය හෙට (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස අයවැය යෝජනා පස්වරු 1:30ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිය අයවැය කතාව සිදු කිරීමට සියලු කටයුතු සූදානම්ව ඇත.

මෙවර අයවැයෙන් බදු වැඩි නොකිරීමටත් ජනතාවට සහන රැසක් ලබාදීමටත් සැලසුම් කර ඇති බව ආණ්ඩුවේ මැති ඇමතිවරු පසුගිය කාලයේ මාධ්‍යයට ප්‍රකාශ කළහ.

ඒ අනුව මෙවර අයවැයෙන් ආණ්ඩුව පොරොන්දු වූ පරිදි සහන ලබාදෙනු ඇතැයි රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයින් මෙන්ම වෛද්‍යවරුන්, ගුරුවරුන්, ගොවීන්, ධීවරයින්, කර්මාන්තකරුවන්,ව්‍යාපාරිකයින්,ඇතුළුරටේ සියලු ශ්‍රේෂ්ඨ වල අය මෙවර අයවැය කෙරෙහි දැඩි බලාපොරොත්තු ඇතිව බලා සිටිති.

About The Author