” උතුරු නැගෙනහිර පළාත යුද්ධයට මැදි වෙලා තිබුණා. ඒ කාලේ මෙහෙ දරුවෝ සයනයිඩ් කරල කරේ එල්ලගෙන හිටියේ.යුද්ධයෙන් පස්සේ ඒ දරුවන්ට පාසල් යන්න සුදුසු වාතාවරනය හදලා, උතුරු වසන්තය නැගෙනහිර නවෝදය වගේ ව්‍යාපෘති මගින් මේ පළාත් සංවර්ධනය කළේ බැසිල් රාජපක්ෂ. යහපාලනය කාලයේ ඒ කිසි දෙයක් මෙහෙට වුණේ නෑ. අපේ රජයක් යටතේ මුළු රටටම එක වගේ සලකනවා” යනුවෙන් සිවිල් ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.
ඒ බැසිල් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු ලබා දෙමින්.
මඩකලපුව ගුවන් තොටුපලේ සංවර්ධන කටයුතු පිළිබඳ නිරීක්ෂණ චාරිකාවකට සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද පෙරවරුවේ එක්වුණා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා නැගෙනහිර පළාත සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ දී මඩකලපුව ගුවන්තොටුපළ සංචාරකයින්ට ආකර්ෂණීය ගමන් මාධ්‍යයක් ලෙස සකස් කළ යුතු බව පෙන්වා දුන්නා.
1958 වසරේදී ගුවන් සේවා දෙපාර්තමේන්තුව යටතේ ආරම්භ කෙරුණු මඩකලපුව ගුවන්තොටුපළ හරහා මේ වන විට ගුවන් මගීන් 60 දෙනෙකුට සේවා සැපයිය හැකි ගුවන් යානා මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යා හැකි තත්වයේ පවතිනවා.
ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී සඳහන් කළේ ඉදිරි වසර දෙක තුළ අභ්‍යන්තර ගුවන් මෙහෙයුම් සඳහා අවශ්‍ය පහසුකම් වර්ධනය කර මෙම ගුවන්තොටුපල තවදුරටත් දියුණු කරන බවයි.
නැගෙනහිර පළාතට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් වැඩි දින ගණනක් නැගෙනහිර පළාතේ රඳවා ගත හැකි පරිසරයක් නිර්මාණය කරන බවද ඔහු මෙහිදී සඳහන් කළා.
මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ඩි.වි.චානක, එස්.වියලේන්ද්‍රන්, සංචාරක අමාත්‍යාංශ ලේකම් එස්.හෙට්ටිආරච්චි, රාජ්‍ය අමාත්‍යාංශය ලේකම් මාධව දේවසුරේන්ද්‍ර මහත්වරුන්ද ඇතුළු පිරිසක් ද එක් වුණා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට