Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

සමාජ මාධ්‍යවල යන කතා ගණන් ගන්න එපා, බය නැතුව මාළු කන්නැයි ධීවර ඇමති කියයි

ශ්‍රී ලංකා මුහුදු තීරයේදී X – Press Pearl නෞකාව ගිනි ගැනීමක් සිදු වුව ද ජනතාව මත්ස්‍ය පරිභෝජනය අනිසි බියක් ඇති කරගත යුතු නැතැයි ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා පවසනවා.

ශ්‍රී ලංකා මුහුදු තීරයේ දී ගිනි ගැනීමට ලක්වූ express exposer නෞකාවේ තිබූ බහළුම් විනාශ වීමත් සමග එහි කොටස් සාගර පද්ධතියට එකතු වෙමින් පවතින අතර ,එහි බලපෑම කොළඹ සිට මීගමුව දක්වා විහිදී ඇත.

එම තත්ත්වය තුළ ඇතැම් සමාජ මාධ්‍ය ජාල මගින් මහජනතාවට මත්ස්‍ය පරිභෝජනය නොකරන ලෙස ප්‍රචාරයක් ගෙන ගිය ද ඒ පිළිබඳ අනිසි බියක් ඇති කරගත යුතු නැතැයි ධීවර ඇමැතිවරයා කියයි.

© දිනමිණ

About The Author