Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

සමාජ මාධ්‍ය පාලනය කළ යුතු බවට ආණ්ඩුව පාර්ශවයෙන් නැවත ප්‍රකාශයක්

ආචාර ධර්ම පද්ධතියකුත් ඉල්ලයි

ඇතැම් පිරිස් සමාජ මාධ්‍ය උපයෝගී කරගෙන බොරුව සමාජගත ‌කරමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සදහන් කරනවා.

ඒ මහතා පෙන්වා දෙන්නේ සමාජ මාධ්‍ය සදහා ද ආචාර ධර්ම පද්ධතියක් හදුන්වා දිය යුතු බවයි.

ජිනීවා සැසිවාරය පැවැත්වෙන් කාල සමයන්හිදී ඇතැම් පිරිස් අසත්‍ය පුවත් සමාජ මාධ්‍ය ජාලා හරහා ප්‍රචාරය කොට රට අපහසුතාවට පත් කිරීමට උත්සාහ දරන බවද ඔහු සඳහන් කළා.

ඇතැමුන් පුද්ගලික ලාබය අපේක්ෂවෙන් සමාජ මාධ්‍ය ජාල තුල සිදුකරන ක්‍රියාකාරකම් හේතුවෙන් ජාත්‍යන්තර වශයෙන් රටට බරපතළ අර්බුද මතු වන බව ද ඔහු සඳහන් කරනවා.

About The Author