හේතුව සහ වැඩි විස්තර ලිපියකින් ජනපතිට
ජනාධිපතිවරයා විසින් කැදවා ඇති සර්ව පාක්ෂික සමුලුවට සහභාගී නොවීමට සමගි ජන බලවේගය ඒකමතික තීරණයකට එළඹ තිබෙනවා.
අද පෙරවරුවේ සජිත් ප්‍රේමදාස මහතා සහ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අතර පැවැති සාකච්ජාවකදී මෙම තීන්දුවට එළඹ ඇති බවයි වාර්තාවන්නේ.
එහිදී වැඩිදුරටත් තීන්දු කොට ඇත්තේ අදාළ හමුව වර්ජනය කිරීමට හේතුව සහ දැනට රට තුළ උද්ගතව පවතින ගැටලු ගණනාවක් ඇතුළත් කොට ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කිරීමයි.
ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා ද පසුගියදා (20) මාධ්‍ය හමුවක් කැඳවමින් ජනාධිපතිවරයාගේ අදාළ සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කරන බව දැනුම් දුන්නා.
පසුගියදා අමාත්‍ය ධුරවලින් ඉවත් වූ ආණ්ඩුවේ හවුල් කාර පක්ෂ නායකයින් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන්ද සිය පක්ෂ මෙම සර්ව පාක්ෂික සමුළුවට සහභාගී නොකරවන බව සඳහන් කර තිබෙනවා.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට