‘මිරිස් කුඩු බලකාය පාර්ලිමේන්තුව වනසනවා’ කියමින් පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධයේ
විපක්ෂයේ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඉදිරිපිට ජල පොකුණ ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර ඇති බව වාර්තවනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතාට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් පහර දීම සහ එලෙස කිරිමට තැත් කිරීමේ සිදුවීමකට විරෝධය පල කිරිම සදහා මෙම විරෝධතාවය පවත්වමින් සිටින බවයි පැවසෙන්නේ.
විරෝධතාවයට එක්ව සිටින විපක්ෂ මන්ත්‍රී කණඩායම කියා සිටින්නේ අදාළ පහරදීම සිදු කළ ආණ්ඩුවේ මන්ත්‍රී පිරිසට විනය ක්‍රියාමාර්ග ගන්නා තුරු තමන් පාර්ලිමේන්තුව වර්ජනය කරන බවයි.
මේ අතර මේ සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුතු ලිපියක් කතානායකවරයාට අද බාරදීමටද තීරණය කර තිබෙනවා.
මේ අතර කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද විශේෂ පක්ෂ නායක හමුවක් කැඳවා ඇති අතර මීට සුළු වේලාවකට පෙර එම රැස්වීමද ආරම්භ වී තිබෙනවා.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට