Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

සමගි ජන බලවේගය නිර්මාණය කළේ ඩීල් දේශපාලනය පරදා, අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගැනීම සඳහායි – සජිත් ප්‍රේමදාස

සියළු ජන බලවේග ඒකරාශී කරගනිමින් සමගි ජනබලවේගයේ ජනාධිපතිවරයෙක් බිහිකරනවාමයි.

ජන සම්පත එක්වී, අපිට ඔටුනු පළඳා තාවකාලික භාරකාරත්වයක් ලබා දුන්නා.

ජනදුක නිවාලන මහා ව්‍යායාමයට පාරට බහින්න ලෑස්ති වෙන්න.

ධීවරයෝ,ගොවියෝ,කම්කරුවෝ,රාජ්‍ය සේවකයෝ විපතට පත්වෙලා.

අපිව පිටියෙන් ඉවත් කරන්න දාන කොමිසම් වලට ප්‍රේමදාසගේ පුතා සුදානම්.

පරිසරය රැකගන්න බැරි කොන්ක්‍රීට් සංවර්ධනය මොකටද?

අපි රට වටේම උද්ඝෝෂණ 200ක් කරනවා.

මම හිටිය නම් රටවිරුවන් නොමිලේ ගෙන්වනවා.

2015 අපි ඉල්ලන් කෑවා.

තමන් ඇතුළු කණ්ඩායම සමගි ජනබලවේගය පක්ෂය නිර්මාණය කරන ලද්දේ ඩීල් දේශපාලනය පරාජය කිරීම සඳහාත් අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ඇතිකිරීම යන ප්‍රමුඛ අරමුණු මත පිහිටා බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරනවා.

වර්තමානය වන විට ආණ්ඩුව ජනතව පීඩාවට පත් කරමින් කටයුතු කරන බවත් සියලු බලවේග සමඟ එයට එරෙහිව පුළුල් බලවේගයක් ගොඩනගන බවත් සඳහන් කරන ප්‍රේමදාස මහතා 2025 වසරේ පක්ෂ සංවත්සරය සමරන්නේ සමගි ජනබලවේගය පක්ෂයේ ජනාධිපතිවරයෙකු සහ අගමැතිවරයෙකු බලය දරන ආණ්ඩුවක් යටතේ බවත් සඳහන් කළා.

ඔහු මේ අදහස් පළකලේ කොළඹ හයිඩ් පිටියේදී පසුගියදා (15) පැවති සමගි ජන බලවේගය පක්ෂයේ පළමු සංවත්සර සමරුම් උත්සවයට එක් වෙමින්.

About The Author