හිටපු මුදල් අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි මහතාට නැවතත් මුදල් අමාත්‍ය ධූරය බාරගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලීම ඔහු විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තාවනවා.
අලි සබ්තිරි මහතා පවසා ඇත්තේ තමන්ගේ පවුලේ අයගෙන් එල්ලවන දැඩි විරෝධය මධ්‍යයේ තමන්ට නැවතත් මුදල් අමාත්‍ය ධුරයේ කටයුතු කළ නොහැකි බවයි.
නමුත් තමන් ඉදිරියටත් ආණ්ඩුවට සහාය දෙන බවද හෙතෙම සදහන් කර ඇති බව සඳහන්.
කෙසේ වෙතත් එම වගකීම අලි සබ්රි මහතා ප්‍රතික්ෂේප කිරීමත් සමග නුදුරේදීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත්වීමට නියමිත සාකච්ඡා සඳහා වගකිවයුතු පුද්ගලයෙකු ගැනීම සම්බන්ධයෙන් බරපතල අර්බුදයකට මුහුණදීමට මොහොතක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම වගකීම භාරගැනීමට සූදානම්ව ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ඉදිරියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කරන මෙරට නියෝජිත පිරිසෙහි දේශපාලන නායකත්වය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් දැරීමට එකඟ වී ඇති බව අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරනවා.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට