සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුනේ සිදුකරන පිරිපහදු නිෂ්පාදන ගබඩා කිරීමට හැකියාව නොමැති වීම හේතුවෙන් ඉන්ධන පිරිපහදුව යළිත් වරක් වසා දැමීමේ අවදානමක් මතුව ඇති බව වාර්තා වේ. මෙම වසරේ පස්වන වරටත් ඉන්ධන පිරිපහදුව වසා දමා දැනට දින කිහිපයකට පෙර යළි එහි වැඩ කටයුතු ආරම්භ කරනු ලැබීය.
එහෙත් නියමිත ප්‍රමිතියට ඉන්ධන නිෂ්පාදනය කරන තෙක් පිරිපහදු නිෂ්පාදන ගබඩා කළ යුතු අතර ඒ සඳහා ඉන්ධන පිරිපහදුවක් වසරක කාලයක් අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බව එහි සේවකයින් සඳහන් කළේය. මෙම වසරේ අවස්ථා කිහිපයක දී ඉන්ධන පිරිපහදුව වසා දැමීමත්, යළි ආරම්භ කිරීමත් හේතුවෙන් මේ වන විට පිරිපහදු නිෂ්පාදන ගබඩා තුළ ගොඩගැසී ඇති බව සඳහන්ය.
ඊට හේතුව වී ඇත්තේ ප්‍රමාණවත් පරිදි බොරතෙල් මෙරටට ගෙන ඒමට හැකියාව නොපැවැතීම හේතුවෙන් නියමිත ප්‍රමිතියට පිරිපහදු නිෂ්පාදන වෙළෙඳපොළට යොමු කිරීමට අවස්ථාව නොලැබීම බව වාර්තා වේ. නියමිත ප්‍රමිතියෙන් පිරිපහදු නිෂ්පාදන වෙළදපොළට නිකුත් කිරීමට නම් වසර දෙකකටවත් ප්‍රමාණවත් බොරතෙල් මෙරටට රැගෙන ආ යුතු බවද වෘත්තිය සමිති පෙන්වාදෙයි.
සල්ෆර් වැනි ද්‍රව්‍ය ගබඩා තුළ ගොඩගැසීම හේතුවෙන් ඒවා අවස්ථා කිහිපයක දි පිරිපහදු කර අවශ්‍ය ප්‍රමිතියෙන් යුත් ඉන්ධන වෙළෙඳපොළට නිකුත් කිරීම සිදුකළ යුතු වේ. කෙසේවෙතත් පවතින තත්ත්වය හමුවේ යළිත් වරක් පිරිපහදුව වසා දැමීමට සිදුවනු ඇති බවට ද වෘත්තීය සමිති සඳහන් කළේය.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි