Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

සජබ වෘත්තීය සමිති කැඳවුම්කරු ආනන්ද පාලිතගෙන් සජිත්ට අමුතු විදිහේ ලිපියක්

ආණ්ඩුව ගෙනයන ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයට එරෙහිව මෙම 21 වැනිදා පොදු විපක්‍ෂය නුගේගොඩ දී පවත්වන රැළියට සමගි ජන බලවේගය සහභාගී විය යුතු බවත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට කෘත්‍යාධිකාරි මණ්ඩලය වහා කැඳවිය යුතු බවත් සමගි ඒකාබද්ධ වෘත්තිය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිඛිත දැනුම් දීමක් කර ඇත.

සමගි ජන බලවේගයේ නායකත්වයෙන් මෙන්ම එහි මහලේකම්වරයා ඇතුළු ප්‍රධානීන්ගෙන් ආනන්ද පාලිත මහතා ඉල්ලා සිටින්නේ ආණ්ඩුවට එරෙහිව සංවිධානය කරන මෙම විරෝධතා රැලියට සමගි ජන බලවේගයේ පාක්ෂිකයන්ට මෙන්ම වෘත්තිය සමිති සාමාජිකයන්ට සහභාගී වීමට අවස්ථාව සලසාදිය යුතු බවයි.

එම ලිපිය පහත දැක්වේ.

ගරු නායකතුමනි මහලේකම්තුමනි,

වර්තමාන පාලකයා බලයට පැමිණි දින සිට ගොවි බිමේ සිට සමස්ත වැඩබිම් ජනතාව සූරා කමින් දැඩි පීඩනයකට අසාධාරණයකට ගසා කෑමේ සූත්‍ර පාලනය ගෙනයාම වසරක් ඉක්මවී ඇතත් ප්‍රධාන විපක්ෂය ලෙස බහුතර ජනමතයත් තියෙන පක්ෂය ලෙසත් මේ මොහොත දක්වා ප්‍රබලව ජනතාව බලගැන්වීම සඳහා ප්‍රසිද්ධ ඒකාබද්ධ වේදිකාවක් නිර්මාණය කිරීමට නොහැකි වි ඇති මොහොතක අපි ඒකාබද්ධ වීමට කතා කරන එක්සත් ජාතික පක්ෂය මුල්වී විවිධ පක්ෂ නියෝජනයෙන් ආණ්ඩුවේ ජනතා විරෝධී ගමන් මඟට එරෙහි රැළියක් නිර්මාණය වී ඇති බැවින් ප්‍රධාන විපක්ෂය ලෙස අප එම රැළියට සහභාගි විය යුතුබව අපේ පක්ෂයේ බහුතර සාමාජික මතය හා ආණ්ඩුවට එරෙහි පොදු මතයක් වී ඇත්තේ ඒකා බද්ද රැළිය නියෝජනය කරන පක්ෂ එකතු කරගෙන අපි නගර සභා ප්‍රාදේශ සභා පිහිටුවා ගෙන ඇති බැවින් එම රැළියට සහභාගි වී ජනතාව වෙනුවෙන් ආණ්ඩුවට එරෙහිව පක්ෂයේ ජනතාවගේ හඬ නන්වාලීමට කිසිදු ගැටලුවක් නොමැති බව ආණ්ඩුවෙන් බැට කන අප අපේ පක්ෂයේ ඇතුළු බහුතර ජනතාවගේ සැබෑ මතය බව සඳහන් කරමි.

මේ මොහොත වන තෙක් ආණ්ඩු විරෝධී රැළිය සඳහා සහභාගි නොවීමට පක්ෂයේ ප්‍රධාන යාන්ත්‍රණය වන කෘත්‍යාධිකාරි මණ්ඩලය කිසිදු තීන්දුවක් ගෙන නොමැති බැවින් පක්ෂයේ ඉදිරි මඟ ශක්තිමත් කර ගැනීමටත් ආණ්ඩුවේ සුනක ගෝරනාඩුව කෙඳිරිල්ලක් කිරීමටත් වැඩබිමි ඇතුළු සමස්ථ ජනතාවගේ අයිතීන් උදුරා ගැනීම වළක්වා ගැනීමටත් අවම වශයෙන් වෘත්තීය සමිතිය ඇතුළු සංවිධාන ජාලාවක් ඇති පක්ෂයක් බැවින් එම සංවිධාන නියෝජනය කරන ජනතාව වෙනුවෙන් පෙනී සිටීම හඬ නැගීම ආණ්ඩුවේ ගසා කෑමේ සූත්‍ර බාල කිරීම සඳහා ආණ්ඩු විරෝධී රැලියට සහභාගි වීම සඳහා නියෝජිතයකු නම් කිරීමට කෘත්‍යාධිකාරි මණ්ඩලය කඩිනමින් කැඳවා පක්ෂයේ ජනතාවාදී ගමන් මග ප්‍රබල වන තීන්දුව ගැනීමට කටයුතු කරන මෙන් පක්ෂයේ මූලික හරයට අනුව ජනතාවාදී වැඩබිම්වාදී ඉල්ලීම වැඩබිම නියෝජනය කරන කෘත්‍යාධිකාරී මණ්ඩල සභිකයකු ලෙස ඉල්ලා සිටින්නෙමු.

එසේම අප යළි සන්ධාන ගතවීමට සාකච්ඡා කරන එක්සත් ජාතික පක්ෂයේ නායකතුමාගේ ඉල්ලීම අනුව වෘත්තිය සමිති සාකච්ඡාව සඳහා මහ ලේකම්තුමා දැනුවත් කොට එම සාකච්ඡාවෙන කරුණු දැනුවත් කරන බව දන්වමින් සහභාගී වූ අතර එම කරුණුද මහ ලේකම් තුමාව දැනුවත් කළ බවද දැනුවත් කරමි

එනමුත් ප්‍රධාන විපක්ෂය වන අප එයින් ගිලී යමින් පවතින බව කණගාටු නම් ඒ ලබාදීමට මේ මොහොත අවම වශයෙන්ම වැඩබිමේ ගොවි බිමේ අයිතීන් සූරා කෑම කම්කරු අණ පනත් තුට්ටුවකට මායිම් නොකොට දූෂිත පාලනයක් ගෙන යාමට එරෙහිව වෘත්තීය සති ජාලය තිබෙන අපේ පක්ෂය ආණ්ඩු විරෝධී පොදු රැළිය තුළට ගොඩ වැදී පීඩිත ජනයා වෙනුවෙන් හඬ නොගැනීමට මෙතෙක් තීරණ නොගැනීම ඉතා කණගාටුදායකය ජවිපෙඅපගේ පාලන සමයන් තුළදී ඔවුන්ගේ මතවාදයන්ට විරුද්ධ දේශපාලන පක්ෂ සමග ප්‍රධාන රැළිවලට ගොඩ වදිමින් එම වේදිකාවේ සිට ඔවුන්ගේ මතවාදයට නැතත් ජනතාව සූරා ගැනීම් දූෂිත පාලකයාට එරෙහිව හඬ නැගීමට ගොඩ වූ බව අමතක නොකළ යුතුය.

එසේම පොදු රැළියෙන් පසු රට වටේ ඔහුන්ගේ පක්යේ ප්‍රධානත්වයෙන් රජයන් තේරෙව්ව ජනතාව දැනුවත් කිරීමේ ප්‍රබල භූමිකාවන් ඉටුකළ බව මතකයට ගත යුතුය
අපගේ පක්ෂයවිපක්ෂයේ වැඩිම ජන වරමක් තියෙන පාර්ලිමේන්තුවේ වැඩිම ඔලු ගෙඩි ගණනක් තියෙන වැඩිම සංවිධාන ගණනාවක් තිබෙන පක්ෂය බැවින් අවම වශයෙන්ම වැඩබිම නියෝජනය කරමින් වැඩබිම ගසා කෑමට එරෙහිව අප පක්‍ෂයේ පෙනී සිටීම සන්ධානගත වේදිකාව තුළින් ඉටු කිරීම අනිවාර්යෙන් සිදුකළ සිදුකළ තැනට මේ මොහොත වන විට පත්වී ඇති එබැවින් කෘත්‍යාදී කාර්ය මණ්ඩල යෝජනාවක් තුළින් පක්ෂයේ සිතන ප්‍රබලයෙක් වැඩබිම ගොවි බිම ජන බිමන් වෙනුවෙන් ආණ්ඩුවට එරෙහිව හඬ නැංවීම සඳහා නම් කිරීමට කඩිනමින් කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් කිරීම අප පක්ෂයේ ප්‍රබල ඉදිරි ගමනට ප්‍රබල අත්වැලක් වනු ඇත.

මා මහලේකම්තුමාට රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ආරාධන ඉල්ලීම පරිදිඅප පක්ෂයත් එජාපයත් එක්වීමට කටයුතු කිරීම සිදුවෙමින් පවතින බැවින් වෘත්තිය සමිති නියෝජනය කරමින් එජාප සාකච්ඡාවට සහභාගී වීමත් එහි කරුණුත් මහ ලේකම්තුමාව දැනුවත් කොට ඇත.

මේ මොහොත වනතුරු පොදු ජනතාවගේ සූරා කෑමටට එරෙහිව පැවැත්වීමට යෝජිත රැළිය සඳහා සහභාගී වීමට හෝ නොවීමට තීරණයක් ගෙන නොමැති බැවින් රජයේ අත්තනෝමතික ගමන් මග වළක්වාලීමට වැඩබිම් මිනිසුන් වෙනුවෙන් නියෝජිතයකු අදාල රැලියෙක්ට යැවීම සඳහා කඩිනම් තීරණය ගැනීමට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රැස් කරන මෙන් ඉතා ගෞරවයෙන් පක්ෂය ශක්තිමත් කිරීම සඳහා ඉල්ලා සිටීම,

ස්තුතියි
ආනන්ද පාලිත කෘත්‍යාධිකාරි මණ්ඩල සභික

About The Author