Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

සජබ, පොහොට්ටුව, අත කෑලි කඩාගෙන ජනපති සටනේ : එජාපය තනි ගේමක

තොණ්ඩු ගුණ්ඩු මැද බලපොරයකට සැරසෙයි : අගමති වෙන්නත් වෙනම පොරයක්

නව ජනාධිපතිධුරය සඳහා මේ වන විට දැවැන්ත බල පොරයක් නිර්මාණය වේ තිබෙනවා.

මේ බල පොරය හේතුවෙන් සජබය සහ පොහොට්ටුව සී සී කඩ වී ඇති බව වාර්තාවනවා.

පොහොට්ටුවේ බැසිල් පාර්ශවය උපක්‍රමශීලීව ප්‍රසිද්ධියේ රනිල් වික්‍රමසිංහ මහතාට සහය දක්වන බව පවසමින් ඒ තුළ නිර්මාණය වන ජනතා අප්‍රසාදය රනිල් මතට වැටෙන්නට ඉඩ දී ඩලස් අලහප්පෙරුම බලයට ගෙන ඒමට සැලසුමක් සකස් කර තිබෙනවා.

මේ අතර පොහොට්ටුවේ සිටින රාජපක්ෂ විරෝධී කණ්ඩායම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා ද ජනපති සටනට එක්ව සිටිනවා.

ඔහුට එම පක්ෂයේ ජේෂ්ඨ දේශපාලන නායකයන් කිහිපදෙනෙකුගේ සහයද හිමිව තිබෙනවා.

මේ වන විට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නියෝජනය කරන සමගි ජනබලවේගය පක්ෂය ද දෙකඩ වී තිබෙන්නේ එහි නයකයා වන සජිත් ප්‍රේමදාස සහ සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ද වෙන වෙනම ජනපති සටනට අවතීර්ණය වීමෙන්.

ජනපති ඩලස් යටතේ අගමැති කම ගන්න උනත් සජිත් සුදානම්

මේ අතර සමගි ජනබලවේගය නියෝජනය කරමින් රාජිත සේනාරත්න මහතා පවසන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පොහොට්ටුවේ ඩලස් අලප්පෙරුම මහතා අතර සාකච්ඡාවක් පැවති බවයි.

ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා ජනපති ධුරය හෝ අගමැති ධුරය ලබා ගැනීමට සුදානම් බවයි.

නමුත් යම් තත්වයක් මතුවුව හොත් තනිව තරඟ කිරීමට සුදානම් බවද ඔහු සඳහන් කරනවා.

මේ අතර වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් තරඟ කිරීමට නියමිතයි.
ඔවුන් සියලු දෙනාම ජනාධිපතිධුරයට පත්වීම සඳහා මන්ත්‍රීවරුන් දිනා ගැනීමේ මෙහෙයුමක් මේ වන විටත් ආරම්භ කර තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත් කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කිහිප දෙනකු මැදිහත් වී සිටින අතර, ඔහුට සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන්ගේ සහාය දිනා ගැනීම සඳහා එම පක්ෂයෙන් ආණ්ඩුවට එක්වූ ඇමතිවරුන් දෙදෙනකු මූලිකත්වය ගෙන සිටින බවද දැනගන්නට තිබෙනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයා ලෙස පත් කර ගැනීම සඳහා පක්ෂයේ ප්‍රබලයන් දැඩි වෙහෙසක් දරමින් සිටින අතර මෛත්‍රීපාල සිරිසේන මහතා ද සජිත් ප්‍රේමදාස මහතාට සහය දීමේ සූදානමක සිටින බව දැනගන්නට තිබෙනවා.

මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝජනය කරන නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා මේ කරුණු අනාවරණය කළේ පුද්ගලිකව සජිත් ප්‍රේමදාස මහතාට නොව විපක්ෂ නායකවරයාට ජනාධිපති ධුරයට පත්වීම සඳහා සහය දක්වන බව පවසමින්.

කෙසේ වෙතත් මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සෙසු සාමාජිකයින් ජනපති තරඟය ඉදිරිපත්ව සිටින සෙසු සාමාජිකයන් සඳහා ද තම තම පුද්ගලික එකඟතාවයන් මත කටයුතු කිරීමට යාමත් සමඟ එම පක්ෂය බරපතල දෙදරීමකට ලක්ව තිබෙනවා.

මේ අතර ජනපති වෙන්ට නොහැකි වුවහොත් අගමැති වීමට සිහින දකින සජිත් ප්‍රේමදාස , අනුර ප්‍රියදර්ශන යාපා අමතරව පාඨලී චම්පික , දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන්ද අගමැති වීමේ සටනට පැමිණීමට සැලසුම් කර ඇති බවද සඳහන්.

About The Author