Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ශ්‍රීලනිපය පාස්කු කොමිසමේ අවසන් වාර්තාව ඒකමතිකව ප්‍රතික්ෂේප කරයි

පාස්කු කොමිසමේ අවසන් වාර්තාව ඒකමතිකව ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා.

ඒ පක්ශ්‍ෂයේ විධායක සභාව ඊයේ රැස්රී වූ අවස්ථාවේයි.

එහිදී එම වාර්තාව සම්පාදනය කළ කොමිසම සිය බලය ඉක්මවා කටයුතු කර ඇති බවත්, එහි අපක්ෂපාතී ලක්ෂණ ගිලිහි ඇති බවත් සඅන්දහන් වී තිබෙනවා,

එම වාර්තාව හිතා මතාම සබැ අපරාධකරුවන් සොයා ගන්නවා වෙනුවට බලයේ පැවති ආණ්ඩුවේ දේශපාලන නායකයින් හා නිලධාරීන් ඉලක්ක කර ගත් ද්වේශ සහගත වාර්තාවක් ලෙස මෙහිදී සාකච්ඡාවට ලක්වූ බවයි වාර්තාවන්නේ.

මෙම විධායක සභා රැස්වීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙසට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නැවත පත්කිරීමට ද තීරණය කර තිබෙනවා,

පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස රාජ්‍ය අමාත්‍ය, දයාසිරි ජයසේකර මහතාම නැවත පත් කර ඇති අතර, ජ්‍යෙෂ්ඨ උප සභාපති ධූර සඳහා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ අමාත්‍ය මහින්ද අමරවීර යන මහත්වරුන් පත්කර තිබෙනවා.

About The Author