වෙසක් සතියද ඇතුලත්වන ආකාරයෙන් එළැඹෙන සති අන්තයේ ද රට පුරා සංචරණ සීමා පැනවීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව එළැඹෙන (21) සිකුරාදා රාත්‍රී 11.00 සිට (25) වන අඟහරුවාදා අලුයම 4 තෙක් සති අන්තයේ දැඩි සීමා පනවන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා.
යළිත් එදිනම එනම් මැයි (25) වන අඟහරුවාදා රාත්‍රී 11.00 සිට මැයි (28) වන සිකුරාදා උදෑසන 4.00 දක්වා මෙම සංචරණ සීමා නැවත ක්‍රියාත්මක කිරීමට තීරණය වී තිබෙන්නේ ජනතවගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන්.
අත්‍යවශ්‍ය සේවාවන් ගණයන්ට ඇතුලත් නොවන කිසිදු පුද්ගලයෙකුට එම කාලසීමාව තුළ නිවසෙන් පිටතට පැමිණීම තහනම් වනු ඇත.
( මෙවර වෙසක් පුරපසොලොස්වක පොහෝ දිනය මැයි 26 වන බදාදා දිනයේ දී තිබෙන අතර එයට පසු දින එනම් 27 වැනිදා ද නිවාඩු දිනයක් ලෙස ප්රක්ෂ්යට පත් කර තිබෙනවා)

අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට