Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

වෙල්ලස්සේ වගාබිම් ඩෝසර් කරයි : ජීවත්වීමේ අයිතිවාසිකම් රැක දෙන්න : වෙල්ලස්සේ ගොවියෝ කොළඹ දී හඬා වැටේ

නිජ බිම් වලින් පන්නනවා : අත්අඩංගුවට ගන්නවා : මහා සංඝරත්නය සමඟ පැමිණ දුක කියයි

වත්මන් ආණ්ඩුව විසින් ඌව වෙල්ලස්ස බින්තැන්නේ අක්කර 65,000ක් බහුජාතික සමාගමට පවරාදීමත් සමඟ තම වගා බිම් ඩෝසර් කර නිවාස පැල්පත් ඩෝසර් කර ගොවින් තම නිජ භූමියෙන් පන්නා දමමින්, ගොවීන්ට එරෙහිව පොලිසිය මෙහෙයවා ගොවීන් අත්අඩංගුවට ගෙන මේ වනවිට උසාවිවල නඩු දමමින් පීඩා කරමින් සිටින බවට ප්‍රදේශයේ ජනතාව චෝදනා කරනවා.

තමන්ගේ ජීවනෝපාය අහිමි කරමින් තමන්ට උරුම ප්‍රධානම වස්තුව වූ ඉඩම පැහැරගැනීම තුළ ඉතිරිව තිබෙන මූලිකම මානව අයිතිවාසිකමක් අද රජය සහ බහුජාතික සමාගමක් විසින් පැහැර ගැනීම වලක්වා දෙන ලෙස ඉල්ලමින් ඌව වෙල්ලස්ස ජන අයිතීන් සුරැකීමේ පෙරමුණේ නායකත්වයෙන් ගොවි ජනතාව විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට අද (04) දින පෙත්සම් දෙකක් භාර දීමට පියවර ගෙන තිබුණා.

මෙම අවස්ථාවට ඌව වෙල්ලස්ස ජන අයිතීන් සුරැකීමේ පෙරමුණේ ප්‍රධාන අනුශාසක පූජ්‍ය දොඩංගොල්ලේ සෝරත හිමි හා විදුහල්පති පූජ්‍ය අළුකැටියාවේ ශීලවංස හිමිද නීතිඥ චරිත් ගල්හේන, ඌව වෙල්ලස්ස ජන අයිතීන් සුරැකීමේ පෙරමුණේ සභාපති නීතිඥ සරත් කුමාර හා මීට සහය දක්වන පරිසර සංවිධාන, සිවිල් සංවිධාන ගණනාවක නියෝජිතයෝ එක්වූ බවයි වාර්තාවන්නේ.

පරිසර යුක්ති කේන්ද්‍රය – ජනක විතානගේ, ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය – චින්තක රාජපක්ෂ, ඉඩම් අයිතිය සඳහා වන ජනතා සංධානය – Natasha Van – Hoff, Marisa Silva, විරෝධයේ අයිතිය වෙනුවෙන්, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය – උදය කළුපතිරණ යන මහත්ම මහත්මීන් ඒ අතර වූ බවයි පැවසෙන්නේ.

ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතාද ජනතාව සමඟ මෙම අරගලයට එක්ව සිටි බවද සඳහන්.

About The Author