ප්රසිද්ධ වේදිකාවක ප්රසංගයක් පැවැත් වුණු අවස්ථාවක සුපිරි නළු ආක්ෂේ කුමාර්ට වීරයෙක් වෙන්න අවස්ථාවක් ලැබුණා. සිද්ධිය කෙටියෙන් කියනවා නම් මෙහෙමයි…
සංවිධායකවරුන් හැම දේම ලැහැස්ති කරලා, වේදිකාව ආලෝකවත් කළා ලූ. ඒත් එයාලට දැනුණාලූ විදුලි පරිපථයේ මොකක්දෝ ප්රශ්නයක් තියෙනවා වගේ. මොකක්ද කියලා හොයලා බලන්න අවස්ථාව ලැබෙන්න කලින් ඊළඟ අංගය නිවේදනය කළ නිසා ආක්ෂේ, නීනා ජායිපූරියා කියන නිවේදිකාවත් එක්ක වේදිකාවට ගියා ලූ. එයාලා කථා කරන්නත් පටන් ගත්තා ලූ. ත් ආක්ෂේට ඉක්මනින් ම දැනුණා ලූ මොකක් හරි වැරැද්දක් තියෙන බව. එතකොට ම නීනාට චුට්ටක් විතර කරන්ට් එක වැදිලා, එයා වැටෙන්නයි ගිහින් තියෙන්නේ. හැකි ඉක්මනින් ක්රියාත්මක වුණු ආක්ෂේ, නීනාව අල්ලගෙන. අනිත් අයත් පුළුවන් ඉක්මනින් විදුලිය විසන්ධි කළා ලූ.
හදිසියේ වත් ආක්ෂේට ඒ බව නොදැණුනා නම්, නීනා වේදිකාවෙන් වැටිලා, බරපතල හානියක් වෙන්න ඉඩ තිබුණු බවයි දැකපු අය නම් කියන්නේ. ජය වේවා අක්ෂේ.


අත නොහැර කියවන තැන
ඉන්දීය නළු සතීෂ් සමුගනී
හම්මෝ මට සීතල ඉවසන්න බැහැ අප්පා… – එමා වොට්සන්
පුංචි තිරයේ හැඩ මවන ගම්පහ පුංචි මන්ත්රී නෝනා (PHOTO)