පොල්තෙල් වල විෂ පිළිකාකාරක ද්‍රව්‍ය ඇති බව සොයා ගනු ලැබුවේ වත්මන් රජය වන බැවින් විපක්ෂය විසින් ඉන් දේශපාලන වාසි ලබා ගැනීමට කටයුතු නොකල යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පවසනවා.
ඒ අද (29) දින පැවති එම පක්ෂයේ මාධ්‍යය හමුවක් අමතමින්.
රේගුව විසින් අනුගමනය කරන ක්‍රියා පටිපාටිය පසුගිය රජය සමයට වඩා වෙනස් බවත් වත්මන් රජය ඊට බලපෑම් නොකරන බවත් ඒ මහතා පවසනවා.
එම තෙල් තොගය වෙළඳපොලට නිකුත් නොකළ බවත් ඒවා ප්‍රති අපනයනය කිරීමට බලාපොරොත්තු වන බවත් එසේ කිරීම ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ක්‍රමවේදයක් බවත් ඔහු ප්‍රකාශ කර සිටිනවා.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට