කරුණු 5 ක් මුල් කරගනිමින් දැවැන්ත විරෝධතා උද්ඝෝෂණයක් කොළඹ ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී අද (1) පැවැත්වූ බව ලංකා විදුලි සේවක සංගමය ප්‍රකාශ කළේය.
විරෝධතා උද්ඝෝෂණයට සහභාගී වීම සඳහා විදුලි සේවකයන් සැලකිය යුතු පිරිසක් ලෙඩ නිවාඩු වාර්තා කර කොළඹට පැමිණි බව එම සේවක සංගමය පැවසුවේය.
විරෝධතාවය හේතුවෙන් කොම්පඤ්ඤවීදියේ සිට කොටුව දෙසට දැඩි රථ වහාන තදබදයක් ද ඇතිව තිබේ.
ලංකා විදුලි බල මණ්ඩලය සමාගම් 14 කට විකිණීමට එරෙහිව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන අනුව විදුලි බිල වැඩි කිරීම, වැටුප් විෂමතාවය ඉවත් නොකිරීම, නියමිත උසස්වීම් ලබා නොදීම සහ ඇමති සාකච්ඡාවක් ලබා නොදීම යන කරුණු මුල් කරගනිමින් විරෝධතා උද්ඝෝෂණය පැවැත්වූ බව ලංකා විදුලි සේවක සංගමය ප්‍රකාශ කළේය.
මේ අතර වෘත්තීයවේදීන්ගේ විරෝධතාවක් හේතුවෙන් පිටකොටුව ලෝටස් මාර්ගයද වසා ඇති බව පොලිසිය පවසයි


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට