Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහ බිරිඳට කොරෝනා හැදුණු හේතුව මේකද?

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඔහුගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස මහත්මියට කොරෝනා අසාදනය වී ඇති බව සිදු කරන ලද PCR පරීක්ෂණයකින් මේ වන විට තහවුරු වී තිබෙනවා.

ඒ අනුව ඔවුන් දෙදෙනා මේ වන කොළඹ පුද්ගලික රෝහලකට ඇතුලත්ව ඇති බවයි වාර්තා වන්නේ.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට කොරෝනා ආසාදනය වීමත් සමග ඔහුගේ ආශ්‍රිතයන් ලෙස හදුනාගත් සමගි ජනබලවේගය පක්ෂයේ මන්ත්‍රීවරුන් රැසකටම නිරෝධායනය වන ලෙස උපදෙස් ලබා දී ඇති අතර විපක්ෂනායක කාරයයලයද විෂබෙජ හරණය කිරීම සඳහා කටයුතු යොදා තිබෙනවා.

මේ අතර රෝහල් ගත කර සිටින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය නිල Facebook පිටුවෙහි සටහනක් තබා තිබුණා. එහි සිංහල පරිවර්තනය පහළින්..

‘‘ඊයේ දිනයේ මගේ බිරිය කෝවිඩ් 19 රෝග ලක්ෂණ පෙන්නුම් කළ නිසා රෝහල්ගත වුණා. ඉන්පසු ඇයට කළ PCR පරීක්ෂණයේදී ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා.

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් මම ද ඉන්පසු PCR පරීක්ෂණයක් කරගත් අතර මීට සුළු මොහොතකට කලින් එකී පරික්ෂණ වාර්තාවට අනුව මට ද වෛරසය ආසාදනය වී ඇති බව දැනගන්නට ලැබුණා.

මගේ බිරියට රෝග ලක්ෂණ පහළ වී පරීක්ෂණයට ලක්කරන විටත් මා හට රෝග ලක්ෂණ පහළ වුණේ නෑ.

කෙසේ වෙතත් අපි දෙදෙනාම මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

මෙම අතිශයින්ම අසීරු අවස්ථාවේදි ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් සාමුහිකව කරන කටයුත්ත සාර්ථක කරගැනීම උදෙසා විපක්ෂයේ කාර්යය භාරය ඉදිරියට කරගෙන යාම මගේ ප්‍රමුඛ කටයුත්ත ලෙස සලකා ක්‍රියා කරන බවට සහතික වෙමි.

සියලුම සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුගමනය කරමින් සුරක්ෂිතව සිටින ලෙස මම ජනතාවගෙන් ඉල්ලා සිටින අතර මෙම රැල්ලට එරෙහිව ජාතියක් ලෙස අපි සියලුදෙනා එකට එකතු වී සටන් කරමු.

අපට මෙය පරාජය කළ හැක‘‘

මේ වන විටත් සජිත් ප්‍රේමදාස මහතාගේ සමීපතමයින් ලෙස හඳුනාගෙන ඇති මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙකු මේ වන විටත් කොරෝනා මර්ධන එන්නත් මාත්‍රා දෙකම ලබා ගෙන ඇති බැවින් බරපතල අවධානම් තත්වයෙන් මිදී ඇති බව සඳහන්.

කෙසේ නමුත් සජිත් ප්‍රේමදාස මහතා කොරෝනා මර්ධන එන්නත් කිසිවක් ලබා ගෙන නැති බව හෙළිව තිබෙනවා.

සියලු පුරවැසියන් එන්නත්කරණයට ලක් කරන තුරු තමන් එන්නත ගැනීම ප්‍රතික්ෂේප කරන බව පවසා ඇති ප්‍රේමදාස මහතා එන්නත් ලබා ගැනීමෙන් වැලකි සිට ඇති විපක්ෂනායක කාර්යාල ප්‍රකාශයෙකු අප වෙත සඳහන් කළා.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද සජිත් – ජලනි යුවලට ඉක්මන් සුව ප්‍රර්ථනා කරමින් සිය නිල Facebook ගිණුම් වල සටහන් තබා තිබුණා.

About The Author