සිය ෆේස්බුක් ගිණුමෙහි අසත්‍ය කරුණු ප්‍රකාශ කළ බවට සමගි ජනබලවේගය පක්ෂයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට චෝදනාවක් එල්ලවී තිබෙනවා.
ජනතා නීතිඥයෝ නම් සංගමයක් විසින් මෙම චෝදනාව එල්ල කර තිබෙන්නේ සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙකු වන අසේල සම්පත් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහු වෙනුවෙන් සමගි ජන බලවේගය නීතිඥ සහාය ලබා දුන් බවට පල කළ සටහන හේතුවෙන්.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ෆේස්බුක් පිටුවේ සටහන පහත දැක්වෙයි.

නීතිඥ නාමල් රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත ලිපියක් යොමු කරමින් ජනතා නීතිඥයෝ සංවිධානය දැනුම් දී ඇත්තේ ඔහුගේ එම පළ කිරීම හේතුවෙන් තම සංවිධානය මෙන්ම නීතිඥවරුන්ද බලවත් අපහසුතාවයකට පත්ව ඇති බවයි.
අසේල සම්පත් මහතා ජුනි 26 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහුට ඇප ලබා ගැනීම සදහා ‘ජනතා නීතිඥයෝ’ සංවිධානයේ සේනක පෙරේරා, මංජුල පතිරාජ, මංජුල ශ්‍රී චන්ද්‍රසේන, නාලක ප්‍රියවංශ, ලලිත් පතිරණ යන නීතිඥවරුන් පෙනී සිට කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු අධිකරණය විසින් ඇප නියම කළ බව එම ලිපියේ දැක්වෙනවා.
එමඟින් ඔවුන් අවධාරණය කරන්නේ කිසිදු ලෙසකින් සමගි ජන බලවේගය ට සම්බන්ධ නීතිඥවරුන් අදාළ කටයුත්තට සහභාගී නොවූ බවයි.
ජනතා නීතිඥයෝ සංවිධානය නිකුත්කළ ලිපිය පහත දැක්වෙයි.

අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට