Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

විපක්ෂ නායක සජිත් දුන් පොරොන්දුවක් දින දෙකෙන් ඉටු කරයි

සමාජ සහ සිවිල් ක්‍රියාකාරිකයෙකු ලෙස අරගල කරන අසේල සම්පත් මහතාගේ දයාබර පුතුට සහ දියණියට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යාම සදහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක “සත්කාරය” විපක්ෂ නායක ජංගම සේවය වැඩසටහන යටතේ අද (28) විපක්ෂ නායක කාර්යාලයේ දී සහයෝගය ලබා දී තිබෙනවා.

ඒ අනුව අසේල සම්පත් මහතාගේ පුතුට ලැප් ටොප් පරිගණකයක් ලබා දුන් අතර දියණිය ට උසස් අධ්‍යාපනය සදහා ශිෂ්‍යත්වයක් පිරිණමා ඇති බවයි විපක්ෂ නායක මාධ්‍ය ඒකකය වාර්තා කරන්නේ.

අසේල සම්පත් මහතා මේ සමාජය යහපත් කිරීම උදෙසා අරගල කරන සුවිශේෂී චරිතයක් බවත් ඔහුගේ මෙහෙවර තමන් අගය කරන බවත් පවසා ඇති ප්‍රේමදාස මහතා, අසේල සම්පත් මහතාගේ දරුවන්ගෙන් ඉල්ලා ඇත්තේ ඉතා සාර්ථක ලෙස අධ්‍යාපන කටයුතු සිදුකරන ලෙසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබූ අසේල සම්පත් මහතා ඇප මත නිදහස් කිරීමෙන් අනතුරුව (26) දා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවීමට පැමිණියේ සිය පවුලේ සාමාජිකයින් ද සමගයි.

එහිදී සජිත් ප්‍රේමදාස මහතා අසේල සම්පත් මහතාගේ පවුලේ සමාජිකයන්ගේ දුක සැප විමසා බැලූ අතර දරුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා සහාය ලබා දීමට පොරොන්දු වුණා.

එම පොරොන්දුව ලබා දී දින දෙකක් යන විට ම එම පොරොන්දුව යථාර්තයක් බවට පත් කිරීමට සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කිරීම අගය කළ යුත්තක්.

සබැඳි පුවත් – සජිත්, අසේලට සවිබල සපයයි – දුක සැප විමසයි

About The Author