විදුලි බිල්පත් ගැටළුවක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයක ජනතාව දැඩි අසීරුතාවයකට මුහුණ දී ඇති බව අපට වාර්තා වුණා.
ඒ අප්‍රේල් සහ මැයි මාස සඳහා වන විදුලි බිල් පත් දෙක එක බිල්පතකට එකතු කොට මුදල් අයකිරීම හේතුවෙන්.
මෙහි ආසන්නතම සිදුවීම ඇරැව්වල වෙරළුගස් හන්දිය, පැලන්වත්ත පාර යන ප්‍රදේශ වලින් වාර්තාවනවා.
අදාළ ප්‍රදේශය සති දෙකකට පමණ ආසන්න කාලයක් හුදකලා ප්‍රදේශයක් බවට පත්කර තිබු අවස්ථාවේ විදුලි බිල ගණනය කිරීමට නොහැකි වී ඇති අතර පසුව පසුගියදා (14) වනදා පැමිණි මනු කියවන්නා විසින් ප්‍රදේශයේ ජනතාවට මාස දෙකකට අදාළව බිල්පත් එකවර ගණනය කර විදුලි බිල නිකුත් කර ඇති බවයි ප්‍රදේශයේ ජනතාව පෙන්වා දෙන්නේ.
මාස දෙකෙහිම පාවිච්චි කරන ලද විදුලි ඒකක ප්‍රමාණයන්ගේ එකතුව එකම බිල් පතකට ගණනය කර ලබාදී තිබීම හේතුවෙන් දැරිය නොහැකි විදුලි බිලක් නිකුත් කර ඇති බවත් කොරෝනා හේතුවෙන් රැකියා නොමැතිව සිටින ජනතාව ඉන් මහත් අසීරුතාවයකට පත්ව ඇති බවටත් ජනතාව මැසිවිලි නගනවා.
එබැවින්එ ඔවුන්ක් ඉල්ලා සිටිනේ එක් එක් බිල්පත අදාළ මාසයට අදාළ ඒකක ප්‍රමාණයට පමණක් අදාළ වනසේ නිවැරදි ලෙස ගණනය කර තමන්ට සාධාරණය ඉටුකර දෙන ලෙසයි.
මෙවැනිම ආකාරයේ සිදුවීම් කිහිපයක් පිළියන්දල සහ කැස්බෑව යන ප්‍රදේශ වලින්ද වාර්තා වී තිබෙනවා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට