කොළඹ වරාය නගරය සම්බන්ධයෙන් ඊයේ (15) දිනයේ නාරාහේන්පිට අභයාරාමයේදී පැවති මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (16) උදෑසන දුරකතනයෙන් අමතා තමන්ට ඉතා පහත් සහ අශෝභන ආකාරයෙන් බැන වැදුන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා රාජපක්ෂ මහතා තම නිවසේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.
ජනාධිපතිවරයාගේ දේශපාලන දැනුම මද බව දන්නවා
අද උදෑසන ජනාධිපතිවරයා දුරකථන ඇමතුමක් ලබාදුන් බවත් එතුමන්ගේ දේශපාලන දැනුම මද බව හේතුවෙන් ඊයේ දිනයේ සාකච්ඡාවට ලක් කල කරුණු සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගැනීමට තමන් අමතන බව සිතා ජනාධිපතිට ඇති ගෞරවය නිසා ඉතාමත් ගෞරවයෙන් එතුමාට පිළිතුරු දුන් බව ඒ මහතා මෙහිදී සඳහන් කළා.
නමුත් තමා බලාපොරොත්තු නොවූ ලෙස ඉතාම පරුෂ ලෙස ජනපති කතා කිරීම නිසා තමන්ද ඒ අයුරින්ම ප්‍රතිචාර දැක්වූ බවත් සඳහන් කළ ඒ මහතා කියා සිටියේ රටක ජනාධිපතිවරයා මෙලෙස හැසිරෙනවා නම් තමන්ගේ සහ තම පවුලේ සාමාජිකයන්ගේ ජීවිතය පිළිබඳව තර්ජනයක් ඇති බවට තමන් සැක කරන බව ද ඔහු මෙහිදී සඳහන් කළා.
”පහුගිය කාලයේ මේ ජනාධිපතිවරයා පත්කරගන්න අපි හුගක් මහන්සි වුණා.මේ ජනාධිපතිවරයා අපි පත් කරගනිද්දි මුළු රටේ ම ජනතාවට ගිහිල්ලා ගමින් ගමට ගිහිල්ලා අපි කිව්වෙ, මේ ජනාධිපතිතුමා යටතේ අපේ රටේ රාජ්‍ය සම්පත් අපි ආරක්ෂා කරනවා. පිටට විකුණලා තියෙන ඒවා දීලා තියෙන ඒවා අපි ආපහු ගන්නවා. ඒවගේ ම හොරු දූෂිතයෝ ආණ්ඩුව ඇතුළට ගන්නෙ නැහැ. හොඳ නීතියේ ආධිපත්‍ය ඇති යහපත් රටක් අපේ දූ දරුවන්ට ඉන්න පුළුවන් විදියට හදලා දෙනවා කියන එක නමුත් අපි පහුගිය කාලයේ දැක්කා. මේ රටේ සීනි බදු වංචාවක් වුණා. රජයට පාඩු කරමින් ඒ වගේම පිළිකා කාරක පොල් තෙල්තෙල් ගෙනල්ලා කූඨ ව්‍යාපාරිකයො මේ රටේ ජනතාවට පරිභෝජනය කරන්න දුන්නා. රජයේ ආයතන ඒ කූඨ ව්‍යාපාරිකයින්ට මේ විෂබීජ සහිත පිළිකා කාරක සහිත පොල්තෙල් ආනයනය කරන්න සහයෝගය ලබා දුන්නා. වර්තමානයේ කොළඹ වරාය නගරය ගැන මම කතා කරනවා. එ සඳහා පනත් කෙටුම්පතක් හොර රහසේ ම හදලා පර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ පිළිබඳව අපිව දැනුවත් කිරීමක් ආණ්ඩු පක්ෂය දැනුවත් කිරිමක් සිද්ධ වුණේ නැහැ. එතකොට ඒ පනතේ තියෙන භයානක ප්‍රතිඵල පිළිබඳව මම ඊයේ අතිපූජනීය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක හාමුදුරුවන්ගේ පන්සලේ උන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය සාකච්ඡාවක් තියලා මේකෙ තියෙන භයානක ප්‍රතිඵල රටට හෙළිදරව් කළා. අද (16) උදෑසන 9ට විතර අතිගරු ජනාධිපතිතුමා මට කතා කළා. දුරකතනයෙන් මම බලාපොරොත්තු වුණා. රටේ රාජ්‍ය නායකයා විදිහට අපේ රටේ රාජ්‍ය නායකයා කවුරු වුණත් අපි ගරු සරු ඇතිව ජනාධිපතිවරයෙකුට කතා කරනවා. බලාපොරොත්තු වුණා. එතුමාගේ දේශපාලන පරිනතභාවය අවබෝධය අඩු බව මම දන්නවා. ඒක නිසා මේ කතා කරන්නේ ඒ පිළිබඳව තිබෙන ගැටලු සාකච්ඡා කරලා අපි රටට යහපතක් වෙන විදියට කොහොමද මේක නිරාකරණය කර ගන්න ඔ්න කියලා අඩු ගානේ කතිකාවතක් ඇති කර ගන්න වෙන්න ඇති කියලා. නමුත් එතුමා කතා කරපු භාෂාව ඉතාමත්ම පහත් රාජ්‍ය නායකයෙකුට නොගැළපෙන ඒ වගේම මහා ද්වේශයකින් වෛරයකින් ආවේගශීලිව වෙවුලමින් එතුමා ඉතා පහත් මට්ටමින් මට කතා කළා. එම නිසා අකමැත්තෙන් නමුත් මටත් සිද්ධ වුණා. එතුමා ආමන්ත්‍රණය කරපු භාෂාවෙන් ම එතුමාට ප්‍රතිචාර දක්වන්න.. මේක ඉතාමත්ම නරක දෙයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට පත්කරලා ජනතාව බලාපොරොත්තු වෙන්නෙ ජනතාවගේ අයිතිය සුරකින්න.. ඉතින් එහෙම කතා කරපු එක වරදක් විදියට දකිනව නම් රටේ රාජ්‍ය නායකයෙක් අපි කොහොම ද මේ රට නිවැරදි තැනකට ගෙනියන්නෙ, ඒ එක්කම එතුමා වැරදි වැටහීමක් ඇතුව කතා කළා. මම බැසිල් රාජපක්ෂ මැතිතුමා ගැන කතා කළා. අද ඊයේ නෙමෙයි, හමදාම ඔහු ගැන ඔහු දූෂිතයෙක් කියලා ප්‍රසිද්ධියෙ කියනවා. ඊයෙත් කිව්වා. දැන් ඒක එතුමගේ දරුවන්ට ආරෝපණය කර ගෙන මම කියපු විදියට තමයි එතුමා කතා කළේ, මම කිව්වා ඒක වරදවා වටහා ගන්න එපා. දරුවො කිසිසේත් සම්බන්ධ නැහැ. පැහැදිලිවම මම කිව්වා. මම කිව්වෙ ඒ ගොල්ලන්ගෙ දරුවන්ට ජීවත් වීම සඳහා සුදුසු සුරක්ෂිත දේශයක් නිර්මාණය කරලා ඒ රටවල පුරවැසිභාවය ඇතුව ජීවත් වෙනවා. හැබැයි මේ වරාය නගරයේ ගිවිසුම මේ පනත සම්මත කිරීමෙන් පස්සෙ අපේ රටේ අහිංසක දරුවන්ට අනාගතේ ජීවත් වෙන්න රටක් නැතුව යනන් ලොකු අවදානමක් තියෙනවා. ඉතින් ඒවගේ කාරණයක් කීම. ඒක මාධ්‍ය යේ ප්‍රචාරණය කිරීම ඒක බරපතළ දෝෂයක් විදියට දැකලා. අවේගශීලිව, පහත් අකාරයට මන්ත්‍රීවරුන්ට මෙහෙ තර්ජනය කරනවා නම්, ඒක ඉතා බරපතළ කාරණයක් අපිටත් ජනාධිපතිවරයෙක් එහෙම තර්ජනය කරන කොට ජීවිත ගැන භයක් තියෙනවා. ඒ එක්කම පොලිස්පති තුමාට මේ පිළිබඳව මම දැනුම් දුන්නා. ඒ වගේම ලිඛිතව ඉදිරිපත් කරනවා කරුණු”
මෙවැනි වටපිටාවක් යටතේ දේශපාලන තීන්දුවත් ගන්නේ දැයි, මාධ්‍යවේදිහු මෙහිදී මන්ත්‍රීවරයාගෙන් විමසා සිටියහ.
ඊට පිළිතුරු ලෙස විජයදාස රාජපක්ෂ මහතා කියා සිටියේ, තමන් කුමන ආණ්ඩුව සමග සිටියත් තමා ස්වාධීන මතයක පිහිටා විවේචනය කළ යුතු තැන් විවේචනය කළ බවයි.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට